වියළි කාලගුණයෙන් ප්රාදේශීය ලේකම් කොට්ඨාස 18ක ජනතාවට බලපෑම්
පවත්නා වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 18ක ජනතාවට බලපෑම් එල්ල වී තිබෙනවා.
පුද්ගලයින් 90,000 නක් පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ.
උතුර නැගෙනහිර වයඹ හා සබරගමු පළාත්වල පවුල් 27,845 කට අයත් පුද්ගලයින් 90,000 ක් මෙසේ පීඩාවට පත්ව සිටිනවා.
වියලි කාලගුණයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයටයි.
එහි පවුල් 21,714 කට අයත් පුද්ගලයින් 69113 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා.
සබරගමුව පළාතේ පවමුල් 1098 ක් වයඹ පළාතේ පවුල් 5734 ක් හා නැගෙනහිර පළාතේ පවුල් 2747 ක් මෙසේ පීඩාවට පත්ව සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ.
වැව් රැසක් සිදීගොස් ඇති අතර ජලාශවල ජල මට්ටමද සීඝ්‍ර ලෙස පහත බැස තිබීම බරපතල තත්ත්වයක්.
දැඩි නියඟය හේතුවෙන් වගා කටයුතුවලට ද හානි සිදු වී ඇති අතර වී වගාවට ද බලපෑම් එල්ල වී තිබෙනවා.
The post වියළි කාලගුණයෙන් ප්රාදේශීය ලේකම් කොට්ඨාස 18ක ජනතාවට බලපෑම් appeared first on ITN News.