වගා හානි තක්සේරු ආරම්භ කරන ලෙස ඇමතිගෙන් උපදෙස්
නියඟය හේතුවෙන් වී වගාවට සිදුව ඇති වගා හානි තක්සේරු කිරීමේ කටයුතු ආරම්භ කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපතිවරයා වෙත උපදෙස් ලබා දී තිබෙනවා.
අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේදී උතුරුමැද පළාතේ ගොවි නියෝජිතයින් සමග සිදු කළ සාකච්ඡාවකින් අනතුරුව අමාත්‍යවරයා මෙම උපදෙස් දුන්නේය.
වගා හානි සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක් වන්දි වශයෙන් දුන්නද එය ප්‍රමාණවත් නොවන බැවින් වන්දි මුදල ඉහළ දැමිය යුතු බවට මහින්ද අමරවීර අමාත්‍යවරයා එහිදි ප්‍රකාශ කර ඇති බව සඳහන්ය.
පසුගිය වසරේ දී සිදුවු වගා හානි වෙනුවෙන් රුපියල් බිලියන 1.7ක මුදලක් ලබා දී ඇති අතර එය මෙම වසරේ දී වැඩිවිය හැකි බව එහිදි ප්‍රකාශ වී තිබේ.
The post වගා හානි තක්සේරු ආරම්භ කරන ලෙස ඇමතිගෙන් උපදෙස් appeared first on ITN News.