ඊශ්රායලයේ සාත්තු සේවා රැකියා සඳහා 500 කට වඩා ගිහින්
ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා සඳහා පිටත් කර යැවූ ශ්‍රමිකයින්ගේ සංඛ්‍යාව මේ වන විට පන්සියය ඉක්මවා ගොස් තිබෙනවා.
අද දිනයේදී ඊශ්‍රායලයේ සාත්තුසේවක රැකියා සදහා සුදුසුකම් ලැබූ ශ්‍රමිකයින් 25 දෙනෙක් සදහා ගුවන් ටිකට්පත් ලබාදුන් අතර ඒ සමගින් ඊශ්‍රායලයේ සාත්තුසේවක රැකියා සදහා පිටත් කර යැවූ ශ්‍රමිකයින්ගේ සංඛ්‍යාව 505 ක් බවට පත්වූවා.
ඒ අතරින් මේ වසර තුළදී පමණක් යැවූ ශ්‍රමිකයින්ගේ සංඛ්‍යාව 266 ක්. සාත්තුසේවක රැකියා සදහා සුදුසුකම් ලැබූ ශ්‍රමිකයින්ට ගුවන් ටිකට්පත් ලබාදීමේ අවස්ථාවට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (බඳවාගැනීම් හා පුහුණු) සෙනරත් යාපා මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.
The post ඊශ්රායලයේ සාත්තු සේවා රැකියා සඳහා 500 කට වඩා ගිහින් appeared first on ITN News.