තද සුළඟකින් නිවාස 105කට හානි
කැබිතිගොල්ලෑව හා හොරොව්පතාන යන ප්‍රදේශ හරහා හමාගිය තද සුළඟකින් නිවාස 105කට හානි සිදුව තිබෙනවා.
මාස 4කට අධික කාලයක් පැවති දැඩි නියඟය අවසන් කරමින් අනුරාධපුරයේ ප්‍රදේශ රැසකටම ඊයේ තද වැසි ඇතිවුණා.
ඒත් සමඟම තද සුළං ඇතිවුණා.
සුළඟින් හොරොව්පතාන හා කැබිතිගොල්ලෑව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල නිවාස මෙසේ විනාශයට පත්ව තිබෙනවා.
අර්ධ වශයෙන් හානිවූ නිවාස ද රැසක් පවතිනවා.
පැය දෙකකට ආසන්න කාලයක් වර්ෂාව පැවති අතර විනාඩි 20ත් 30ත් අතර කාලයක් දැඩි සුළඟ පැවතුණා.
The post තද සුළඟකින් නිවාස 105කට හානි appeared first on ITN News.