අම්බලන්ගොඩ දිල්ෂාන්ගේ ප්රධාන ගෝලයෙකු අත්අඩංගුවට
විදෙස් ගතව සිටිමින් මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන අම්බලන්ගොඩ දිල්ෂාන් නැමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මඟින් අත්අඩංගුවට ගත්තා.
තංගල්ල ප්‍රදේශයේ පසුගිය 15 වනදා සිදුවු මනූෂ්‍ය ඝාතනය සිදුකළ වෙඩික්කරුවන් මෙම පුද්ගලයා විසින් ප්‍රවාහන කර ඇති බවටයි හෙළිවී තිබෙන්නේ.
මෙම ඝාතනය සිදු කිරිමෙන් පසු අදාළ වෙඩික්කරුවන් යළි ඔවුන්ගේ ප්‍රදේශයට ප්‍රවාහනය කර ඇත්තේ ද මෙම පුද්ගලයා විසිනුයි.
විශේෂ කාර්ය බලකායේ වැටලීම් ඒකකයට ලැබුණු තොරතුරකට අනුව දෙමටගොඩ අධිවේගී මාර්ග පිවිසුමේ කළ වැටලීමේ දී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනුණා.
මෙම පුද්ගලයා ලග තිබි හෙරෝයින් ග්‍රෑම් 5යි මිලි ග්‍රැම් 600ක් , මෝටර් රථයක් , මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැකකෙරෙන මුදල් තොගයක් ඇතුලු භාණ්ඩ රැසක් ද සොයා ගැනුණා.
The post අම්බලන්ගොඩ දිල්ෂාන්ගේ ප්රධාන ගෝලයෙකු අත්අඩංගුවට appeared first on ITN News.