අභියෝග ජයගත හැකි ආකල්පමය වෙනසක් සහිත අධ්යාපන ක්රමයක් රටට අවශ්යයි

- itnnews.lk

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා ඊයේ (18) පස්වරුවේ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා.

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල විශ්වවිද්‍යාල පරිශ්‍රය වෙත පැමිණි සාගල රත්නායක මහතා පළමුව එහි පිහිටි රණවිරු ස්මාරකය වෙත ගොස් පුෂ්පෝපහාර දැක්වූවා.

විශ්වවිද්‍යාලයේ අභිනව විශ්ලේෂණ විද්‍යාගාරය (Analytical Laboratory) විවෘත කිරීම ද සාගල රත්නායක මහතා අතින් සිදු වූ අතර විශ්වවිද්‍යාල භූමියේ ඉදිවන ශ්‍රවණාගාරයේ ඉදිකිරීම් ද නිරීක්ෂණය කළා.

ඉන් අනතුරුව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උප කුලපති කාර්යාලය වෙත පැමිණි සාගල රත්නායක මහතා එහිදී අධ්‍යක්ෂ මණ්ඩලය සමඟ සාකච්ඡාවකට එක් වෙමින් විශ්වවිද්‍යාලයේ සංවර්ධන කටයුතු පිළිබඳව සොයා බැලුවා.

එහිදී කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ලබාදෙන අධ්‍යාපනය හා එහි ප්‍රමිතිය මෙන්ම ගුණාත්මකභාවය පිළිබඳව සුබපැතුම් පළ කළ සාගල රත්නායක මහතා සඳහන් කර සිටියේ විශ්වවිද්‍යාලය විසින් පවත්වාගෙන යන විනය එහි සාර්ථකත්වයට හේතුව බවත්, රටට ද අවශ්‍ය එවන් ආකල්මය වෙනසක් සහිත අධ්‍යාපන ක්‍රමවේදයක් බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සාගල රත්නායක මහතා,

“පළමුව මෙම අවස්ථාවට ආරාධනා කිරීම පිළිබඳව මම ඔබ සියලුදෙනාට ස්තුතිවන්ත වෙනවා.

ඒ වගේම මෙම විශ්වවිද්‍යාලයේ පවත්වාගෙන යන ප්‍රමිතිය සහ ලබාදෙන අධ්‍යාපනයේ ගුණාත්මකභාවය පිළිබඳව අප ඉතා ආඩම්බර වන බව කිවයුතුයි.

මගේ ඥාති පුත්‍රයා මෙහි නීති හා අපරාධ විද්‍යා පීඨයේ ඉගෙනුම ලබනවා.

ඔහු මීට ඇතුළත්වීමට සුදුසුකම් ලැබූ දිනයේ, අනෙක් විශ්වවිද්‍යාල රාශියක් තිබියදී ඇයි ඔබ මෙම විශ්වවිද්‍යාලය තෝරාගත්තේ කියා මා විමසා සිටියා.

එවිට ඊට ප්‍රධානතම හේතුව ලෙස ඔහු මා සමඟ සඳහන් කර සිටියේ මෙහි පවත්වා ගෙන යන විනයයි.

වෙනත් විශ්වවිද්‍යාලයකට ගොස් විවිධ හේතු මත මහ පාරේ විරෝධය පළ කරමින් සිටීමට ඔහුට අවශ්‍ය වුණේ නෑ.

මේ රට ඉදිරියට ගෙන යාමට අවශ්‍ය වන්නේ මෙවැනි අධ්‍යාපන ක්‍රමයක්.

ඒ වගේම තරුණ ප්‍රජාවට මුහුණදීමට සිදුවන අභියෝග ජය ගැනීමට අවශ්‍ය වන ආකල්ප සංවර්ධනය වීමටත් මෙවැනි අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි.

විවිධ කාලවලදී අඩු වැඩි වශයෙන් වරින් වර විවිධ අභියෝගවලට මුහුණ දීමට මෙරටට සිදු වුවත් මේ වන විට අප නිවැරදි මාවතට අවතීර්ණ වී සිටිනවා.

අප මෙම මාර්ගයේම ඉදිරියට ගමන් කළ හොත්, අප සිහින දුටු සිංගප්පූරුව මෙන් ශ්‍රී ලංකාව ද සාර්ථක තත්ත්වයකට පත් කර ගත හැකියි.

මෙහිදී වැදගත්ම දේ වන්නේ පැනවිය යුතු නීති පැනවීම, නියාමනය කළ යුතු දේ නියාමනය කිරීම සහ නියාමනයන් ඉවත් කළයුතු දේ ඉවත් කිරීමයි.

ආර්ථිකය පිළිබඳ සැලකීමේ දී අපි එහි අනවශ්‍ය නියාමනයන් ඉවත් කර විවෘත කළ යුතුයි.

ඒ වගේම දැනට පවතින නීති සහ රෙගුලාසි, මුදල් විශුද්ධිකරණය, මූල්‍ය විමර්ශන වැනි අංශයන්ගේ ප්‍රමිතිය නැවත තහවුරු කළ යුතුව තිබෙනවා.

නීතිය, සාමය සහ ජාතික ආරක්‍ෂාව පිළිබඳ අප දැඩි ලෙස අවධානය යොමු කරනවා.

මෙහිදී කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට විශේෂ කාර්යභාරයක් පැවරී තිබෙනවා.

අපේ තරුණ තරුණියන් වෙනුවෙන් නව අධ්‍යාපන ක්‍රමවේදයක් ඇති කළ යුතුයි.

වරාය නගරය සහ මුල්‍ය මධ්‍යස්ථානය ආරම්භ වූ පසු එහි අරමුණු සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් අපේ ක්‍රමවේදයන් සියල්ල ඊට ගැළපෙන පරිදි ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතු වෙනවා.

මූල්‍ය වෙළෙඳපොළ ද ඒ අනුව වෙනස්කම් වලට භාජනය කළ යුතුව තිබෙනවා.

ඒ වගේම කෘතිම බුද්ධිය භාවිතයට ගැනීම තාක්ෂණික වශයෙන් ගුණාත්මක අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීම සඳහා වැදගත් වෙනවා.

ඒ සඳහා අවශ්‍ය නීති සහ රෙගුලාසි සහිත සම්පූර්ණ වර්ධන වැඩසටහනක් ඉදිරිපත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

නමුත් එය අදියරෙන් අදියර ක්‍රියාත්මක කිරීමට සිදුව තිබෙනවා.

ඒ අපට මුහුණ දීමට සිදු වූ ආර්ථික අර්බූදය හමුවේ මේ සියල්ල එකවර ක්‍රියාත්මක කළ නොහැකි නිසයි.

අප ඉදිරියට යන විට අපට ගැළපෙන ආකාරයට යම් යම් වෙනස්කම් කිරීමට සිදු විය හැකියි.

නමුත් මෙහි ප්‍රධානතම කරුණ වන්නේ අප මෙය නිවැරදිව සිදු කිරීමයි.

අපට අවශ්‍ය කරන දැනුම අප ලබා ගත යුතු අතර අප සතු දැනුමද සමඟ ඉදිරියට යා යුතුයි.

විශේෂයෙන්ම මෙහි පෙරගමන්කරු විය යුත්තේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයයි.

යම් සිසුවෙකු මෙම විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා රජයේ රැකියාවක් ලබා ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පසුපස යනවා නම් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය අසමත් බව මතක තබා ගන්න.

අප එම ක්‍රමවේදය වෙනස් කළ යුතුයි.

අප රටක් ලෙස වෙනස් කරගත යුත්තේ ද එවැනි ආකල්පයි.

රජයේ විශ්වවිද්‍යාලයකින් පිටවන සෑම උපාධිධාරියෙකුම අනිවාර්යයෙන්ම රජයෙන් ඔවුන්ට රැකියාවක් ලබාදිය යුතුයි යන මතයේ සිටිනවා.

එය සම්පූර්ණයෙන්ම වැරදියි. මෙම ආකල්පමය වෙනස සිදු කළ යුතුයි.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පනත පිළිබඳව අපේ අවධානය යොමු කර තිබෙනවා.

කළමනාකරණ මණ්ඩලයේ තනතුරු වගේම මෙයට ඇතුළත් කර ගන්නා පෞද්ගලික සිසුන් ප්‍රමාණය පුළුල් කිරීමට ඇති හැකියාව ද හඳුනාගෙන තිබෙනවා.

ඒ වගේම කුරුණෑගල, පොළොන්නරුව සහ කොළඹ වැනි ප්‍රදේශවල කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ශාඛ ආරම්භ කිරීමට අවධානය යොමු කර තිබෙනවා.

මෙම වෙනස්කම් පිළිබඳ අපේ ප්‍රධාන අවධානය යොමු කර තිබෙන අතර මීට අමතරව වෙනත් අදහස් ඔබට ඇත්නම් ලබන අඟහරුවාදා වන විට ඒවා අපට ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා.”

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල විශ්වවිද්‍යාලයේ කුලපති විශ්‍රාමික ජෙනරාල් එස්.එච්.එස් කෝට්ටේගොඩ , උපකුලපති මේජර් ජෙනරාල් මිලින්ද පීරිස්, නියෝජ්‍ය උපකුලපති (ආරක්ෂක හා පරිපාලන) බ්‍රිගේඩියර් ඩී.සී.ඒ වික්‍රමසිංහ, නියෝජ්‍ය උපකුලපති (ශාස්ත්‍රාලික) මහාචාර්ය කේ.ඒ.එස්.ධම්මික යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

The post අභියෝග ජයගත හැකි ආකල්පමය වෙනසක් සහිත අධ්යාපන ක්රමයක් රටට අවශ්යයි appeared first on ITN News.

You may also like

- adaderana.lk

The Department of Meteorology says that the Intertropical Convergence Zone, where winds from the Northern Hemisphere and Southern Hemisphere converge, is affecting the island s weather conditions.

- island.lk

Zimbabwe and Sri Lanka registered comfortable wins in matches seven and eight of the ICC Women’s T20 World Cup Qualifier in Abu Dhabi under the Tolerance Oval and Zayed Cricket Stadium lights on Saturday. Zimbabwe bounced back from a disappointing loss to Vanuatu on Thursday by registering a comfortable, eight-wicket win over the United Arab […]

- island.lk

Two more matches of the ICC Women’s T20 World Cup Qualifier were decided on Saturday afternoon in Abu Dhabi. Netherlands started their campaign in an emphatic manner, outplaying Vanuatu and winning by 100 runs at Tolerance Oval, while Uganda bounced back strongly from their opening day loss, beating United States of America (USA) by eight […]

- adaderana.lk

Sri Lanka has shown a significant drop in annual birth rate while the number of annual deaths has increased since 2020, the Registrar General s Department revealed.

- adaderana.lk

State Minister of Finance Shehan Semasinghe says that Sri Lanka s economy has been stabilized with the continuous appreciation of Sri Lankan Rupee, and the growth is now emerging.

- colombogazette.com

Efforts to attract international players to invest in Sri Lanka’s Oil and Gas exploration in the Mannar Basin have once again been gridlocked by legal challenges in the Court of Appeal. A statement noted that Sri Lanka’s efforts to attract and leverage international investment into exploration and commercialisation two blocks adding to over 5,000 square […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc