මෙරට තේ කර්මාන්තයේ දියුණුවට චීනයේ සහාය
මෙරට තේ නිෂ්පාදනය ඉහළ නැංවීම පිළිබද පර්යේෂණ සිදුකිරීමට සහාය ලබාදෙන බව චීනය අවධාරණය කරනවා.
චීනයේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එරට ප්‍රධානතම තේ ව්‍යවසාය ආයතනය වන යූනාන් සියාගුවාන් ටෝවා හි නිරීක්ෂණ චාරිකාවකට එක්වු අවස්ථාවේ දී මේ බව ප්‍රකාශ කෙරුණා. මෙම ආයතනයේ තේ අලෙවිය, නිෂ්පාදනය, සංවර්ධනය හා පර්යේෂණ ඒකාබද්ධව සිදු කෙරෙනවා. තේ නිෂ්පාදනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර කිර්තී නාමයක් හිමිකරගෙන ඇති මෙම ආයතනය හා ශ්‍රී ලංකාව අතර තේ පර්යේෂණ කටයුතු සම්බන්ධයෙන් සහයෝගයෙන් කටයුතු කිරීම පිළිබද අග්‍රාමාත්‍යවරයාගේ චාරිකාවේ දී අවධානය යොමුකර තිබෙනවා.
රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර, පාර්ලිමේන්තු මන්ත්‍රී යාදාමනී ගුණවර්ධන, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් යන මහත්වරුන් ද ඊට එක්ව සිටියා.
The post මෙරට තේ කර්මාන්තයේ දියුණුවට චීනයේ සහාය appeared first on ITN News.