ලෝක සාමයේ පැවැත්මට ප්රධාන රටවල් අතර සමතුලිත භාවය තිබිය යුතුයි
ලෝක සාමයේ පැවැත්මට ප්රධාන රටවල් අතර සමතුලිත භාවය තිබිය යුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණය කළා. චීන මාධ්‍ය සමුහයේ සිංහල අංශය සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.
හත්වන චීන දකුණු ආසියානු ප්‍රදර්ශනයට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වුයේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතායි. එම ප්‍රදර්ශනයට රටවල් 60ක් එක්ව සිටි අතර පොදු සංවර්ධනය, සහයෝගීතාව සහ සම්බන්ධීකරණය යන තේමාවෙනුයි එය පැවැත්වුනේ.
ඊට එක්වීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා චීන මාධ්‍ය සමුහයේ සිංහල අංශයේ විශේෂ සාකච්ඡාවකට එක්වුණා.
The post ලෝක සාමයේ පැවැත්මට ප්රධාන රටවල් අතර සමතුලිත භාවය තිබිය යුතුයි appeared first on ITN News.