සංචාරකයින් පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සංචාරක ක්ෂේත්‍රයේ සැලකිය යුතු වර්ධනයක් මේ වන විට දක්නට ලැබෙනවා. මෙම වසරේ ගතවූ කාලය තුළ විදෙස් සංචාරකයින් අටලක්ෂ හැට දහසකට අධික පිරිසක් මෙරටට පැමිණ ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ.
රටතුළ යහපත් වාතාවරණයක් ගොඩනැගෙමින් පවතින බැවින් විදෙස් සංචාරකයින් මෙරටට පැමිණීමට වැඩි කැමැත්තක් දක්වනවා. මෙම වසරේ මේ දක්වා වූ කාලය තුළ සංචාරකයින් අටලක්ෂ හැටහය දහස් හත්සිය හතලිස් හතර දෙනෙකු දිවයිනට පැමිණ ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කළේ. මෙම මාසයේ ගතවූ දින 20 තුළ පමණක් පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව අනූඅටදහස් අටසිය තිස් එකක්.
වැඩිම සංචාරකයින් පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර චීනයෙන් හා යුරෝපා රටවලින් ද සංචාරකයින් වැඩි වශයෙන් පැමිණ තිබෙනවා. දකුණු වෙරළ තීරය ඇතුළු බොහෝ සංචාරක කලාපයන්ට සංචාරකයින් වැඩි වශයෙන් පැමිණ සිටින අයුරුද මේ දිනවල දැකගත හැකියි.
The post සංචාරකයින් පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි appeared first on ITN News.