නාඳුනන අයෙකුගේ ඇසිඩ් ප්රහාරයකින් පුද්ගලයෙක් මිය යයි
නාඳුනන පුද්ගලයෙකුගේ ඇසිඩ් ප්‍රහාරයකට ලක්වී පුද්ගලයෙක් මිය ගොස් තිබෙනවා.
කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි ඔහු මියගොස් තිබෙන්නේ.
මෙලෙස මිය ගොස් තිබෙන්නේ 58 හැවිරිදි සියඹලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
කුලී වැඩවල නිරත මෙම පුද්ගලයාට පසුගිය 25 වැනිදා පාදුක්ක සියඹලාව ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසට පැමිණි නාඳුනන පුද්ගලයෙකු විසින් ඇසිඩ් ප්‍රහාරය එල්ල කර ඇති බවයි පාදුක්ක පොලීසිය ප්‍රකාශ කළේ.
ඇසිඩ් ප්‍රහාරය එල්ල කළ පුද්ගලයන් සොයා පාදුක්ක පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
The post නාඳුනන අයෙකුගේ ඇසිඩ් ප්රහාරයකින් පුද්ගලයෙක් මිය යයි appeared first on ITN News.