මෙම වසරේ ගත වූ කාල සීමාව තුළ රු.මිලියන 86,000කට අධික අපනයන ආදායමක්
පසුගිය වසර 05 ට සාපේක්ෂව මෙම වසරේ ගත වූ කාලසීමාව තුළ රුපියල් මිලියන 86,000කට අධික මුදලක් කෘෂි අපනයනයෙන් උපයා ගැනීමට හැකි වූ බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
ප්‍රධාන වශයෙන් කුරුඳු ,ගම්ම්රිස් සහ කරාබු නැටි අපනයනයෙන් මෙම මුදල උපයාගැනීමට හැකි වූ බවයි එම දෙපාර්තම්න්තුවේ සංවර්ධන අධ්‍යක්ෂ උපුල් රණවීර මහතා පවසන්නේ.
මෙම වසරේ ජනවාරි සිට ජුනි මාසය දක්වා මෙට්‍රික් ටොන් 34,371 ක් මෙසේ අපනයනය කර තිබෙනවා.
එයින් රුපියල් මිලියන 86680ක ආදායමක් උපයා ගැනීමට හැකි වුණා.
පුවක් අපනයනයෙන් ද විශාල විදේශ විනිමයක් ලැබී ඇති බවයි රණවීර මහතා කියා සිටින්නේ.
The post මෙම වසරේ ගත වූ කාල සීමාව තුළ රු.මිලියන 86,000කට අධික අපනයන ආදායමක් appeared first on ITN News.