ලාෆ්ස් ගෑස් මිල ඉහළට
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ත ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 145කින් ඉහළ දමා ඇති බවයි සඳහන් වන්නේ.
එහි නව මිල ලෙස සඳහන් වන්නේ රුපියල් 3835ක්..
එමෙන්ම කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක නව මිල රුපියල් 1535ක් වන අතර එහි මිල රුපියල් 59කින් ඉහළ ගොස් තිබෙනවා.
එමෙන්ම කිලෝග්‍රෑම් 2.3 සිලින්ඩරයක මිල සංශෝධනයක් සිදු වී නැහැ.
The post ලාෆ්ස් ගෑස් මිල ඉහළට appeared first on ITN News.