(Online) සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතින් තහනම් වෙන්න යන ලැයිස්තුව – ඔබත් මේ වැරදි කරනවාද ?
නීතිපතිවරයාගේ නිෂ්කාශනය, අන්තර්ජාලය හරහා සිදුකරන අසත්‍ය තොරතුරු ප්‍රචාරය හා ද්වේශසහගත හැසිරවීම් මගින් සිදුවන හානිවලින් පොදු සමාජය ආරක්ෂා කිරීම අරමුණු කර ගනිමින් නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති මාර්ගගත ක්‍රමවල (Online) සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත සඳහා ලැබී තිබෙනවා.
එනම් වාර්තා වන පරිදි, එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලය අනුමැතිය හිමිව තිබෙනවා.
නීතිපතිවරයාගේ නිෂ්කාශනය ලැබී ඇති එම පනත් කෙටුම්පතේ III කොටසේ දැක්වෙන පරිදි පහත සඳහන් ක්‍රියාවන් මෙම පනතේ විධිවිධාන මගින් වැරදි වශයෙන් අර්ථ නිරූපණය කර තිබේ.
*ශ්‍රී ලංකාව තුළ සිද්ධි පිළිබඳ අසත්‍ය ප්‍රකාශ සන්නිවේදනය කිරීම.
*අපහාසයට හේතු වන අසත්‍ය ප්‍රකාශ සිදු කිරීම.
*අසත්‍ය ප්‍රකාශයක් මගින් කැරැලි ගැසීමක් සිදු කිරීම සඳහා නිකරුණේ ප්‍රකෝප කරවීම.
*අසත්‍ය ප්‍රකාශයක් මගින් ආගමික රැස්වීමකට බාධා කිරීම.
*ආගමික හැඟීම්වලට රිදවීමේ ඒකාන්ත චේතනාවෙන් අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම.
*ආගමික හැඟීම් නිග්‍රහයට පාත්‍රා කිරීම සඳහා ඒකාන්තයෙන් සහ ද්වේශ සහගත ලෙස අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම.
*වංචා කිරීම.
*අනෙකකු ලෙස පෙනී සිටීමෙන් වංචා කිරීම.
*සාමය කඩ කිරීමක් සිදු කිරීම සඳහා ප්‍රකෝප කරවීමේ චේතනාවෙන් ම අසත්‍ය ප්‍රකාශයක් මගින් චේතාන්විතව නින්දා කිරීම.
*කැරැල්ලක් හෝ රජයට විරුද්ධව වරදක් ආදිය සිදු කිරීමට සැලස්වීමේ චේතනාවෙන් අසත්‍ය ප්‍රකාශයක් සංසරණය කිරීම.
*හිරිහැර සිදු කිරීම සන්නිවේදනය කිරීම සඳහා සිද්ධි පිළිබඳ ප්‍රකාශ සන්නිවේදනය කිරීම.
*ළමා අපයෝජනය.
*වරදක් සිදු කිරීම සඳහා බොට් (Bot)සෑදීම හෝ වෙනස් කිරීම.
The post (Online) සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතින් තහනම් වෙන්න යන ලැයිස්තුව – ඔබත් මේ වැරදි කරනවාද ? appeared first on ITN News.