එක්සත් අරාබි එමීර් රාජ්යය සහ ශ්රී ලංකාව අතර ගුවන් ගමන් මෙහෙයුම් පිළිබඳ සාකච්ඡාවක්
ලොව ප්‍රමුඛතම ගුවන් ගමන් මෙහෙයුම් මධ්‍යස්ථානයක් වන එක්සත් අරාබි එමීර් රාජ්යය සහ ශ්රී ලංකාව අතර ගුවන් ගමන් මෙහෙයුම් පිළිබඳව වසර 03කට පමණ පසු සාකච්ඡාවක් පසුගියදා (09/04) කොළඹ දී පැවැත්වුණා.
ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වරාය , නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර , ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී පී.ඒ.ජයකාන්ත මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙනුවෙන් එරට සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් සයීෆ් අල් සුවයිදි , ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති චාලීඩ් නසාර් අල් අමෙරි යන මහත්වරුන් ඇතුළු 23 දෙනෙකුගෙන් යුතු පිරිසක් සහභාගී වී සිටියා.
එයට ශ්‍රී ලංකාවේ ගුවන් සේවා වන ශ්‍රී ලන්කන් සහ ෆිට්ස් එයාර් ගුවන් සේවා වෙනුවෙන් නියෝජිතයන් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් සේවා වන එමිරේට්ස් , ඉටිහාඩ් , ෆ්ලයි ඩුබායි සහ එයාර් ඇරේබියා ගුවන් සේවා නියෝජනය කරමින් නියෝජිතයන් ද සහභාගී වී සිටියා.
ඔවුන් දෙරට අතර ගුවන් ගමන් සේවා යාවත්කාළීන කිරීමටත් ,ලෝකයේ නව ප්‍රවනතා අනුව ගුවන් ගමන් මෙහෙයුම් සකස් කිරීම සහ වර්ධනය කිරීම පිළිබඳවත් සාකච්ඡා කර තිබෙනවා.
මෙම සාකච්ඡා වලින් අනතුරුව දෙරට අතර අවබෝධතා ගිවිසුමක් ද අත්සන් කර තිබෙනවා.
The post එක්සත් අරාබි එමීර් රාජ්යය සහ ශ්රී ලංකාව අතර ගුවන් ගමන් මෙහෙයුම් පිළිබඳ සාකච්ඡාවක් appeared first on ITN News.