මෙම වසර තුළ ශ්රී ලාංකිකයින් 4556 දෙනෙකු දකුණු කොරියාව බලා පිටව යයි
2023 වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා ගතවූ මාස 8ක කාලය තුළ ශ්රී ලාංකිකයින් 4,556 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත් කර හැරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට හැකිවී තිබෙනවා.
ඒ අතරට පළමු වරට දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගිය රැකියාලාභීන් 3,565 දෙනෙකු හා නියමිත සේවා කාලය අවසන් කර යළි එම ස්ථානයටම රැකියාවට ගිය (Re-entry) රැකියාලාභීන් 991 දෙනෙකු අයත් වේ.
ඉන් නිශ්පාදන ක්ෂේත්‍රයේ සඳහා 3,774 දෙනෙකුද, ධීවර ක්ෂේත්‍රයේ රැකියා සඳහා 639 දෙනෙකුද, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සඳහා රැකියාලාභීන් 140 දෙනෙකු හා කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා සඳහා තිදෙනෙකුද පිටව ගොස් තිබෙනවා.
මෙම පිරිස පිරිමි රැකියාලාභීන් 4462 දෙනෙකුගෙන් හා කාන්තා රැකියාලාභීන් 94 දෙනෙකුගෙන් සමන්විත වේ.
පසුගියදා (2023.09.05) ශ්‍රී ලාංකික තරුණ තරුණියෝ 170 දෙනෙකු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 470 දරණ ගුවන් යානයෙන් දකුණු කොරියාව බලා පිටත්ව ගොස් තිබෙනවා.
The post මෙම වසර තුළ ශ්රී ලාංකිකයින් 4556 දෙනෙකු දකුණු කොරියාව බලා පිටව යයි appeared first on ITN News.