How can Sri Lankan charities find international donors and partners?

වෛද්ය සංචාරක ව්යාපාරයේ ප්රවර්ධනයට උසස් තත්ත්වයේ සෞඛ්ය සේවාවක් පවත්වා ගැනීම අත්යාවශ්යයි – ජනපති

- itnnews.lk

විදේශිකයන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මෙරටට ගෙන්වා ගැනීමට නම් වෛද්‍ය සංචාරක ව්‍යාපාරය (Medical Tourism) සහ උසස් තත්ත්වයේ සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යාම අත්‍යාවශ්‍ය බවත්, ඒ සඳහා සෞඛ්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ නැවත අවධානය යොමු කළ යුතුව තිබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

වැඩි වශයෙන් වෛද්‍යවරුන් බිහි කිරීමට නම් තවත් වෛද්‍ය පීඨ මෙන්ම විශ්වවිද්‍යාල ද මෙරට ආරම්භ කළ යුතු බව සඳහන් කළ ජනාධිපතිවරයා ශක්තිමත් අනාගතයක් වෙනුවෙන් මෙරට සෞඛ්‍ය සේවා ශ්‍රම බලකාය පරිවර්තනයකට ලක් කරන බව ද සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ජෝසප් ෆ්‍රේසර් රෝහලේ 100 වන සංවත්සර සැමරුම් උත්සවයට ඊයේ (08) පස්වරුවේ එක්වෙමිනි.

ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය ආරම්භයේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ ස්කොට්ලන්ත වැවිලිකරුවෙකු වන ජෝසප් ෆ්‍රේසර් මහතා සහ ඔහුගේ බිරිඳ විසින් සදාකාලික සිහිවටනයක් ලෙස ජෝසප් ෆ්‍රේසර් රෝහල ස්ථාපිත කිරීම ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් ඔවුන්ගේ කැපවීම පෙන්නුම් කළ අවස්ථාවක් බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රෝහල් පාලනාධිකාරිය විසින් පිළිගනු ලැබීය.

ජෝසප් ෆ්‍රේසර් රෝහලේ 100 වන සංවත්සරය නිමිත්තෙන් නිකුත් කළ සමරු මුද්දරය තැපැල්පති පී. සත්කුමාර මහතා විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.

උත්සව සභාව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය,

ජෝසෆ් ෆ්‍රේසර් රෝහල යනු රෝහලක් පමණක්ම නෙවෙයි, එය අද වන විට වසර සියයක් සම්පූර්ණ කරන ආයතනයක් ද වෙනවා. ෆ්‍රේසර්වරුන් පැවත එන්නේ ස්කොට්ලන්තයේ ප්‍රසිද්ධ පරපුරකින්. එහි සිට තමයි ජෝසෆ් ෆ්‍රේසර් මහතා ශ්‍රී ලංකාවට පැමිණියේ.

බ්‍රිතාන්‍යයන් මෙරටට තේ කර්මාන්තය හඳුන්වා දුන් අවධියේ ජෝසෆ් ෆ්‍රේසර් මහතා වැවිලිකරුවෙකු ලෙස කටයුතු කළා. ඔහු ශ්‍රී ලංකාවේ පිටකන්ද වතුයාය කේන්ද්‍ර කරගනිමින් වැවිලි කර්මාන්තයේ නියැලුනා. අවසානයේ ඔහු මෙරටදීම මිය ගියා.

ජෝසෆ් ෆ්‍රේසර් මහතා සහ අනෙකුත් වැවිලිකරුවන් අතර තිබෙන වෙනස වන්නේ ඔහු සහ ඔහුගේ බිරිඳ ශ්‍රී ලංකාවේ යම් සළකුණක් තබා යාමට කටයුතු කිරීමයි. ශ්‍රී ලංකාව ඔහු සේවය කළ රට වගේම ශ්‍රි ලංකාව ගොඩනැඟීමට ද ඔහු දායක වී තිබෙනවා.

මෙරට වැවිලි කර්මාන්තයේ නිරතව ලාභ උපයාගත් අනෙකුත් සිය ගණනක් වැවිලිකරුවන් අතර ජෝසෆ් ෆ්‍රේසර් මහතා සහ ඔහුගේ පවුලේ අය මේ රටට යමක් ඉතිරි කර යන්නට කටයුතු කළා. ඒ තමයි මෙම ජෝසෆ් ෆ්‍රේසර් රෝහල. මෙම රෝහල ආරම්භ කරන අවධියේ මෙම ප්‍රදේශය දියුණු තත්ත්වයක තිබුණේ නැහැ.

මගේ සීයා මගේ නැන්දට සිරිපා පාරේ ඉඩමක් අරන් දී තිබුණා. ඒ නිසා මගේ අම්මා නිතරම එම ප්‍රදේශයට යනවා. එදා මෙම පළාත තනිකරම හිස් භූමියක් ලෙසයි පැවතියේ. වැඩිම වුණොත් මෙම මාර්ගයේ ඉදිරියට යන විට නිවාස දෙක තුනක් පමණයි දකින්න ලැබුණේ. එසේ වූවත් එදා මෙම රෝහල සෑම කෙනෙකුගේම අවධානයට ලක් වුණා. මෙම රෝහල මෙරට කාන්තා පරපුරට ලබා දී අති තිළිණයක් ලෙස සැලකිය හැකියි. එසේම මෙම රෝහල පිළිබඳ අප සියලුදෙනා ආඩම්බර විය යුතුයි.

මේ ආයතනය හොඳින් නඩත්තු කෙරෙනවා. සුමල් පෙරේරා මහතා නයින්වෙල්ස් රෝහලෙන් මෙම කටයුතු ආරම්භ කර දැන් මේ දක්වා සාර්ථක ගමනක් පැමිණ තිබෙනවා. අපට ඇති දේ සහ අපට කළ හැකි දේ පිළිබඳ එය හොඳම උදාහරණයක් බව කිවයුතුයි.

ශ්‍රී ලංකාවේ ඇති මෙවැනි රෝහල්වලට ඉදිරියේ දී මෙරට ජනතාව වෙනුවෙන් පමණක් නොව විදේශිකයන් වෙනුවෙන් ද අවශ්‍ය සේවා සැපයීමට හැකිවනු ඇතැයි මම විශ්වාස කරනවා. මෙම රෝහල දෙස බැලීමේ දී මෙය රෝහලක් ද හෝටලයක් ද කියා සිතා ගැනීම අපහසුයි. රෝහලක සේවාවන් සිදු විය යුත්තේ මේ ආකාරයටයි. එම සේවාවන් උසස් ප්‍රමිතියකින් පවත්වාගෙන යා යුතුයි. විදේශිකයන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මෙරටට ගෙන්වා ගැනීමට උත්සාහ කරන්නේ නම් වෛද්‍ය සංචාරක ව්‍යාපාරය සහ සෞඛ්‍ය සේවා ඉතා ඉහළ ප්‍රමිතියකින් පවත්වා ගැනීම අත්‍යාවශ්‍යයි. එම ප්‍රමිති මට්ටම සඳහා මෙම රෝහල හොඳ උදාහරණයක් බව කිවහැකියි.

අපේ රටේ සමස්ත සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ නැවත සිතා බැලිය යුතුව තිබෙනවා. මෙරට රෝහල් පද්ධතිය පෞද්ගලික රෝහල් හා රජයේ රෝහල් ලෙස වෙන් කර තිබෙනවා. ඒ වගේම වෛද්‍යවරු විශාල පිරිසක් දැන් රට හැර යමින් සිටිනවා. මෙවන් පසුබිමක් තුළ අපට වැඩි වැඩියෙන් වෛද්‍යවරුන් බිහි කිරීමට සිදුව තිබෙනවා. ඒඅනුව ඉදිරියේදී පළමු රාජ්‍ය නොවන වෛද්‍ය පීඨය ආරම්භ කිරීමට අප සැලසුම් කර තිබෙනවා.

දකුණු ආසියානු තාක්ෂණ හා වෛද්‍ය ආයතනය (SAITM) අප මේ වන විට මොරටුව විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙනවා. ඒ වගේම තවත් වෛද්‍ය පීඨ සහ විශ්වවිද්‍යාල මෙරට ආරම්භ කිරීමට අවස්ථාව ලැබෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. වැඩිපුර වෛද්‍යවරුන් බිහි කිරීමට අනුගමනය කළ ක්‍රමය එයයි. මේ සඳහා වෙනත් විකල්පයක් නැහැ.

ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් නොමැතිව අද වන විට එක්සත් රාජධානියට තම රෝහල් පද්ධතිය පවත්වාගෙන යාමට අසීරු තත්ත්වයක් මතුව තිබෙනවා. ඒ අනුව පකිස්තානය, බංග්ලාදේශය සහ ඉන්දියාව සමඟ එක්ව, අප එක්සත් රාජධානියේ රෝහල් පද්ධතිය පාලනය කරමින් සිටින බව පැවසුවොත් නිවැරදියි. ඒ අනුව ශ්‍රී ලංකාව ආධාර ලබන රටක් පමණක් නෙවෙයි, ආධාර ලබා දෙන රටක් බවට ද පත් වෙනවා.

ඒ වගේම පෞද්ගලික අංශයට සහ රාජ්‍ය අංශයට එකට වැඩ කළ හැකි නව ක්‍රමවේදයක් අප දැන් සකස් කර තිබෙනවා.

එසේම සෑම පුරවැසියෙකුටම යම් වෛද්‍ය රක්ෂණයක් ලබාදීමට අප අපේක්ෂා කරනවා. එවිට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රජයේ රෝහලකට යනවාද, නැතිනම් පෞද්ගලික රෝහලකට යනවාද කියා ජනතාවටම තීරණය කළ හැකියි. අප අවධානය යොමු කළ යුත්තේ මෙම කරුණු පිළිබඳවයි.

ඇත්ත වශයෙන්ම මෙම දිනවල මමත් වෛද්‍යවරයෙක් වගේ කියා මට දැනෙනවා. මරණයට ආසන්නව සිටින රෝගියෙකු ඉන් මුදවා ගැනීමට මට සිදුව තිබෙනවා. ඒ වගේම මම තවමත් එම රෝගියාට සාත්තු කරමින් ඔහුව බේරා ගැනීමට උත්සාහ කරමින් සිටිනවා. මට අවස්ථාවක් ලැබුණොත් මම ඔහුව ජෝසප් ෆ්‍රේසර් නයින්වෙල්ස් රෝහල වෙත එවනවා. නමුත් අවාසනාවකට, මට ඔහුව භාණ්ඩාගාරයේ තබාගෙන ප්‍රතිකාර කිරීමට සිදුව තිබෙනවා.

අප සම්පූර්ණයෙන්ම විවෘත ආර්ථිකයක් තුළ නව ක්‍රමවේදයක් ඔස්සේ දිගු ගමනක් යා යුතුව තිබෙනවා. ඒ තුළ පුද්ගලික ව්‍යවසායන්ට ද දියුණු වී ඉදිරියට යා හැකියි. එසේ නොමැතිව රටක් දියුණු කිරීමට හැකියාවක් නැහැ. එසේම රටකට දියුණු වෙන්නත් බැහැ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ තේ වැවීමෙන් ඔබ්බට ගිය පුද්ගලයෙක් ලෙස ජෝසෆ් ෆ්‍රේසර් මහතා හඳුන්වාදිය හැකියි. ඒ මොහොතේ ශ්‍රී ලංකාවේ කෝපි සඳහා පැවති ඉල්ලුම අඩු වී තේ කර්මාන්තය ඉදිරියට පැමිණෙමින් තිබුණා. ඒ තත්ත්වය තුළ ඔහු සාර්ථක වී රටට ද යමක් ඉතිරි කර දුන්නා. දැන්, සුමල් පෙරේරා වැනි අය සමඟ එක්ව අපි සියලු දෙනා මෙම ක්‍ෂේත්‍රයේ ඉදිරියට ගෙන යාමට අධිෂ්ඨාන කර ගනිමු.

ජෝසප් ෆ්‍රේසර් රෝහලේ කළමනාකරණ භාරකරු මනිලාල් ප්‍රනාන්දු මහතා,

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අභියෝගයන් සාර්ථකව ජය ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තුළ පවතින අප්‍රතිහත ධෛර්යය සහ කැපවීම අගය කළ යුතුයි. පෙර නොවූ විරූ අර්බුදකාරී තත්ත්වයක් හමුවේ වූව ද රට නිවැරදිව දිසාවකට මෙහෙයවීම සඳහා ජනාධිපතිතුමා දක්වනු ලබන නිර්භීත නායකත්වය ප්‍රශංසනීයයි.

ආර්ථික අස්ථාවරභාවය සහ අභියෝග මධ්‍යයේ රටේ ආර්ථික ස්ථාවර කර ගැනීමට ජනාධිපතිවරයා විසින් ඉටුකර ඇති තීරණාත්මක කාර්යභාරය මෙහිදී සිහිපත් කළ යුතුයි.

ඇක්සස් සමුහ ව්‍යාපාරයේ සභාපති සුමල් පෙරේරා, ජෝශප් ෆ්‍රේසර් නයින්වෙල්ස් භාරකාර මණ්ඩලයේ සභාපති වෛද්‍ය මනිල් ප්‍රනාන්දු, නයින්වෙල්ස් රෝහලේ කළමනාකාර අධ්‍යක්ෂ තියෝ ප්‍රනාන්දු, ජෝශප් ෆ්‍රේසර් නයින්වෙල්ස් භාරකරු තෝමස් ඩේට්වයිලර්, ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය හේමන්ත සේනානායක යන මහත්ම මහත්මීන් ඇතුළු සෞඛ්‍ය සේවා වෘත්තිකයන් සහ සම්භාවනීය ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

The post වෛද්ය සංචාරක ව්යාපාරයේ ප්රවර්ධනයට උසස් තත්ත්වයේ සෞඛ්ය සේවාවක් පවත්වා ගැනීම අත්යාවශ්යයි – ජනපති appeared first on ITN News.

You may also like

- adaderana.lk

The Meteorology Department has issued a Heat Index Advisory for Northern, North-central, Sabaragamuwa, Eastern and North-Western provinces and Monaragala, Hambantota districts.

- island.lk

Yemen’s Houthis have damaged an oil tanker and downed another MQ-9 Reaper drone of the United States as they promise more attacks in opposition to Israel’s war on Gaza. The Iran-aligned group’s military spokesman, Yahya Saree, said in his latest televised video address early on Saturday that “British oil ship Andromeda Star” was targeted in […]

- island.lk

In the sleepy, verdant village of Ambagaswewa, in the Polonnaruwa district of Sri Lanka’s North Central province, 63-year-old TMH Gamini Sunil Thennakoon’s life is peaceful for the most part. On the brink of retirement, he still spends most days out working his rice paddies but is also content spending his days playing with his grandchildren […]

- adaderana.lk

A brazen intruder was captured walking across a jet bridge and onto a busy tarmac before he tried to board a nearby plane at an Australian airport.

- adaderana.lk

The Secretary to the Ministry of Finance Mahinda Siriwardene has been granted a service extension of one year.

- adaderana.lk

Steps are being taken to increase the interest rate of the Employees Provident Fund (EPF) from the existing 9% to 13% with effect from 2023, State Minister of Finance Ranjith Siyambalapitiya said.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc