අවසන් වගාහානි තක්සේරු වාර්තාව ලබා දුන් වහාම අමාත්ය මණ්ඩලයට ඉදිරිපත් කරනවා – කෘෂි ඇමති
2023.09.12 දිනට මෙරටින් වාර්තා වී ඇති වගාහානි පිළිබඳ වාර්තාව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට බාර දී තිබෙනවා.
ඒ අනුව නියඟය, අධික වර්ෂාව හා සේනා දළඹු හානිය වැනි හේතුන් මත මෙම මස 12 වන දින වන විට සිදු කරන ලද වගා හානි තක්සේරු කිරීම් අනුව අක්කර 65,871.32ක් වගා හානි සිදුව තිබෙනවා.
එමගින් බලපෑමට ලක් වූ ගොවින් ප්‍රමාණය 67,122කි.
වී වගාවේ අක්කර 65,411.17ක් හා අනෙකුත් බෝග ආශ්‍රිතව අක්කර 460.15ක් ද හානියට ලක්ව තිබෙනවා.
මෙමගින් වී වගා කළ ගොවීන් 66,718ක් සහ අනෙකුත් බෝග වගා කළ ගොවීන් 404 දෙනෙක්ද බලපෑමට ලක්ව තිබෙනවා.
වැඩිම වගා හානි ප්‍රමාණය වාර්තා වන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්.
එහි අක්කර 26,813.67ක් වගා හානි සිදුව ඇති අතර ගොවීන් ප්‍රමාණය 32,245ක්.
දෙවන ස්ථානයට වැඩිම වගාහානි ප්‍රමාණය උඩවළව කලාපයෙන් වාර්තා වෙනවා.
එහි අක්කර 14,810.13ක් වගා හානි වාර්තාවන අතර බලපෑමට ලක්වු ගොවින් ප්‍රමාණය 11,651ක්.
තුන්වන ස්ථානයට වැඩිම වගාහානි ප්‍රමාණය දැන් වාර්තා වන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන්.
ඒ අනුව අක්කර 5235ක් වගා හානි සිදුව ඇති අතර ගොවීන් ප්‍රමාණය 4339ක් වෙනවා.
මාතලේ අක්කර 1496 (ගොවීන් 2555ක්), පුත්තලම අක්කර 2244ක් ( ගොවීන් 1636ක්), පොලොන්නරුව අක්කර 1543ක් ( ගොවීන් 599), හා මොනරාගල අක්කර 1125ක් ( ගොවීන් 1095ක්) වශයෙන් වාර්තා වී තිබෙනවා.
කෘෂිකාර්මික හා ගොවි ජන රක්ෂණ මණ්ඩලය විසින් අවසන් වගාහානි තක්සේරු වාර්තාව ලබා දුන් වහාම එම වාර්තාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවා.
එමෙන්ම වගාහානි සඳහා වන්දි ගෙවිය යුතු බවට අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කිරීම සඳහා වන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මේ වනවිටත් තමන් විසින් අමාත්‍ය මණ්ඩල කාර්යාලයට ඉදිරිපත් කර තිබෙන බවත්, එය ඉදිරි අමාත්‍ය මණ්ඩල රැස්වීමක දී සාකච්ඡා කිරීමට නියමිතව ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළා.
The post අවසන් වගාහානි තක්සේරු වාර්තාව ලබා දුන් වහාම අමාත්ය මණ්ඩලයට ඉදිරිපත් කරනවා – කෘෂි ඇමති appeared first on ITN News.