How can Sri Lankan charities find international donors and partners?

පොල් ආශ්රිත නිෂ්පාදන කර්මාන්තයෙන් ඩොලර් බිලියන 2ක ආදායමක් අපේ ඉලක්කයයි

- itnnews.lk

ඉදිරි වසර 5 ත් 10 ත් අතර කාලය තුළ පොල් ආශ්‍රිත නිෂ්පාදනයන් අපනයනය කිරීමෙන් ඉලක්කගත අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 2 බව කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.

ඒ මහතා ඒ බව පැවසුවේ පසුගියදා ( සැප්තැම්බර් 12) ලුණුවිල පොල් පර්යේෂණ ආයතනයේදී පැවති ‘ තැඹිලි මව් ශාක වගාව’ ආරම්භ කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමින්.

එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ සඳහන් කළා.

” තැඹිලි අපනයනය ප්‍රවර්ධනයට කටයුතු කිරීම සම්බන්ධයෙන් මගේ ස්තුතිය ප්‍රථමයෙන් මම පොල් පර්යේෂන ආයතනයටත්, පොල් වගා කිරීමේ මණ්ඩලයටත් , පොල් සංවර්ධන අධිකාරියටත් පිරිනමනවා.

සැප්තැම්බර් 2 වෙනිදා ජාත්‍යන්තර පොල් දිනයට සමගාමිව අපි වැඩසටහන් රැසක් පැවැත්තුවා.

එහි වැදගත්ම දේ ලෙසින් අපි අලුතෙන් පොල් ත්‍රිකෝණයක් උතුරු පළාත නියෝජනය වන පරිදි ආරම්භ කිරීමට කටයුතු කළා.

එහි ජනතාව විශාල උනන්දුවකින් ඒ සඳහා සහභාගී වුණා.

ශ්‍රී ලංකාවේ මේ වසරේදීත් ආසන්න වශයෙන් ගෙඩි බිලියන 3ක පොල් අස්වැන්නක් ලබා ගන්නට පුළුවන් වෙයි.

පසු ගිය වසරේ ගෙඩි බිලියන 3.2ක් සහ ඊට පෙර වර්ෂයේ ආසන්න වශයෙන් ගෙඩි බිලයන 3ක් ලෙස මෑත ඉතිහාසයේ වැඩිම පොල් අස්වැන්න වාර්ථා කරගෙන තිබෙනවා.

එය කර්මාන්තයක් හැටියට ප්‍රමාණවත් නෑ. එම නිසා අප වඩාත් පොල් වගාව ප්‍රවර්ධනය කළ යුතුයි.

අපිට පෙනන දෙයක් තමයි පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය සදහා විශාල විභවයක් තිබෙන බව.

පසු ගිය වසර දෙකෙහිත් ඩොලර් මිලියන 836ක් සහ ඩොලර් මිලියන 817ක් වශයෙන් මෑත ඉතිහාසයේ වැඩිම අගය වාර්තා කළා.

2020 වසරේ තිබුනේ ඩොලර් මිලියන 600ක ප්‍රමාණයක්.

එහෙම බැලුවාම 20%ක පමණ ප්‍රමාණයෙන් පොල් ආශ්‍රිත අපනයන ආදායම වැඩි වෙලා.

අපි හිතනවා ඉදිරි කාලයේ පොල් ආශ්‍රිත නිෂ්පාදන හරහා අපනයන ආදායම ඩොලර් බිලියනය ඉක්මවා යයි කියලා.

ඒ වගේම ඉදිරි වසර 5ත් 10ත් අතර කාලය තුළ පොල් ආශ්‍රිත නිෂ්පාදන වලින් වැවිලි ක්ෂේත්‍රයේ ලැබෙන වැඩිම ආදායම ඩොලර් බිලියනය 2ක් ලැබෙයි කියලා හිතෙනවා.

ඒ සඳහා වගාව ප්‍රවර්ධනය කල යුතු වෙනවා.

ඒ වෙනුවෙන් ඉතිහාසයේ වැඩිම පොල් පැල ප්‍රමාණය අපි ගිය අවුරුද්දේ නිෂ්පාදනය කළා.

ආසන්න වශයෙන් පැල මිලියන 5.5 ක් නිෂ්පාදනය කළා.

ගිය වසරේ තමයි වැඩිම හයිබ්‍රිඩ් පොල් පැල නිෂ්පාදනය කළේ.

එය එක්ලක්ෂ හැත්තෑපන්දහස්කට අධික පැල ප්‍රමාණයක්.

අලුත් පොල් ත්‍රිකොනයත් රටේ පවතින විභවයත් සමග අපිට පුළුවන් වෙයි නිෂ්පාදන ඉහල නවන්න.

ඊට අමතරව පොල් පර්යේෂණ ආයතනය පැත්තෙන් දේශීය පරිභෝජනයෙදී වන නාස්තිය අවම කර ගැනීමට වැඩසටහන් කිහිපයක් නිර්මාණය කරලා තිබෙනවා.

ඒ අනුව කටයුතු කලොත් අපිට පුළුවන් වෙනවා අපනයනය සදහා වැඩි පොල් ප්‍රමාණයක් භාවිතා කරන්න ”

මෙම අවස්ථාවට වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් ජානක ධර්මකීර්ති , පොල් පර්යේෂණ ආයතනයේ සභාපති මල්රාජ් පීරිස් , පොල් සංවර්ධන අධිකාරියේ සභාපති මහාචාර්ය රොෂාන් පෙරේරා , පොල් වගාකිරීමේ මණ්ඩලයේ සභාපති මාධවී හේරත් ඇතුළු නිළධාරින් ඇතුළු සම්භාවනීයන් රැසක් එක්ව සිටියා.

 

The post පොල් ආශ්රිත නිෂ්පාදන කර්මාන්තයෙන් ඩොලර් බිලියන 2ක ආදායමක් අපේ ඉලක්කයයි appeared first on ITN News.

You may also like

- adaderana.lk

The Court of Appeals ordered a petition filed seeking to invalidate the recent order issued by the Colombo District Court preventing Minister Wijeyadasa Rajapakshe from functioning as the Acting Chairman of Sri Lanka Freedom Party (SLFP), to be taken up for consideration on May 02.

- adaderana.lk

Two accused who were found guilty of attacking a person to death with a sharp weapon in the Gas Paha Junction area in Colombo around 22 years ago, have been sentenced to death by court.

- adaderana.lk

Three individuals from the Pahala Karannagoda area of Warakagoda in Kalutara, have died due to a sudden illness after consuming illicit liquor.

- onlanka.com

An associate of the organized criminal Maddumage Lasantha Chandana Perera, also known as ‘Angoda Lokka,’ was apprehended at Bandaranaike International Airport (BIA) in Katunayake.The post Key associate of ‘Angoda Lokka’ apprehended at BIA with forged passport appeared first on Sri Lanka News | Breaking News & Top Stories in Sri Lanka | ONLANKA.

- onlanka.com

The Indian Coast Guard (ICG) confiscated 86 kg of suspected heroin valued at INR 6.02 billion from a Pakistani boat, which was heading to Sri Lanka.The post Indian Coast Guard seize 86kg drugs from Pakistan boat heading to Sri Lanka appeared first on Sri Lanka News | Breaking News & Top Stories in Sri Lanka | ONLANKA.

- adaderana.lk

Police have arrested a Software Engineer along with several types of drugs including Hash and Kush Cannabis which have been smuggled to Sri Lanka from Italy.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc