මාඋස්සාකැලේ ජලාශයේ ජල මට්ටම ඉහළට
මේ දිනවල මධ්‍යම කදුකරයට තද වැසි ඇදහැලෙමින් පවතිනවා. ඒත් සමග ජලාශ කිහිපයකම ජල මට්ටම ඉහළ යමින් පවතිනවා.
මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට දින කිහිපයක සිට අධික වර්ෂාවක් ලැබෙමින් පවතිනවා. මේ හේතුවෙන් මාඋස්සාකැලේ ජලාශයේ ජල මට්ටම ඉහළ යමින් පවතින බවයි අප වාර්තාකරු සදහන් කරන්නේ. එම ජලාශය ආශ්‍රිත ජල පෝෂක ප්‍රදේශවලට සැළකිය යුතු තරමේ වර්ෂාවක් ලැබීමත් සමග ජල විදුලි උත්පාදනයද ඉහළ ගොස් තිබෙනවා.
මාඋස්සාකැලේ ජලාශයේ ජලය පිටාර මට්ටමට පැමිණීමට තවත් අඩි 15 ක් පමණ පවතින බව ජලාශය භාර ඉංජිනේරුවන් කියා සිටිනවා. ලක්ෂපාන, නව ලක්ෂපාන, කැනියොන් හා පොල්පිටිය යන ජල විදුලිබලාගාර හතර සදහා විදුලිය උත්පාදනයට ප්‍රධාන වශයෙන් ජලය සැපයීම සිදු කෙරෙන්නේ මාඋස්සාකැලේ ජලාශයෙන්.
The post මාඋස්සාකැලේ ජලාශයේ ජල මට්ටම ඉහළට appeared first on ITN News.