අන්තවාදීන්ට කනේ පහරක් – චෛත්යය ඉදිවන භූමියේම ඉදි කිරීමට යන හින්දු කෝවිල
පොළොන්නරුව වැලිකන්ද සුසිරිගම ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේදී සියලු ජාතීන් හා සර්ව ආගමික නායකයන්ගේ ප්‍රධානත්වයෙන්, සර්වාගමික වතාවත් සිදුකරමින් චෛත්‍යය ඉදිවන භූමියේම හින්දු කෝවිලක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීමක් සිදුව තිබෙනවා..
දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරී, වැලිකන්ද ශ්‍රී සුදර්ශනාරාමාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන්ගේ අනුශාසකත්වයෙන්, සුසිරිගම කළණ මිතුරු සංසදයේ සංවිධානයෙන් මීට වසරකට පෙර මෙම භූමියේම ආගමික නායකයන්ගේ සහභාගිත්වයෙන් ජාතික එකමුතුකමේ නමින් චෛත්‍යයක මුල්ගල් තැබුණා.
ප්‍රදේශයේ ව්‍යාපාරිකයින්ගේ, දානපතියන්ගේ, දායකයින්ගේ මෙන්ම නුවර ප්‍රදේශයේ දානපතියකු වන නලින් ද සොයිසා මහතාගේ ධන පරිත්‍යාගයෙන් මෙම චෛත්‍ය මෙන්ම හින්දු කෝවිල ඉදිකිරීමට අනුග්‍රහය ලැබී තිබෙන අතර මෙම කටයුතු වැලිකන්ද සහ දිඹුලාගල ප්‍රදේශවල ජීවත් වෙන සියලු ජාතීන් සහ ආගමිකයින් නායකයන්ගේ සහභාගිත්වයෙන් සර්ව ආගමික කටයුතු සිදුකිරීමෙන් වැඩ කටයුතු ආරම්භ කිරීම විශේෂත්වයක් වුණා.
මෙහිදී අදහස් දක්වමින් උතුරු මැද පළාතේ හින්දු පූජකවරුන්ගේ සංගමයේ උපලේකම් ශ්‍රිව සී කේ දයානන්දන් මහතා සඳහන් කළේ බෞද්ධ චෛත්‍යක් අසලම හිින්දු කෝවිලක් ඉදිකිරීම මගින් ප්‍රදේශයේ මෙන්ම ලෝකයට ආගමික සංහිදියාවේ පණිවිඩය ගෙන යන හොඳම අවස්ථාවක් බවයි.
මෙය අප රටේ අන්තවාදීන්ට කනේ පහරක් බවත්, මෙය ආදර්ශයට ගෙන සෙසු පළාත්වල ජාතීන්, ආගම්, එකට ජීවත්වීමේ පණිවිඩය ලබාගත යුතු බවත්, මේ සඳහා දායක වූ සියලු දෙනාට හින්දු ආගමිකයන්ගේ ගෞරවය හිමිවන බවත් ඒ මහතා ප්‍රකාශ කළා.
The post අන්තවාදීන්ට කනේ පහරක් – චෛත්යය ඉදිවන භූමියේම ඉදි කිරීමට යන හින්දු කෝවිල appeared first on ITN News.