ලෝක සංචාරක දිනය අද
ලෝක සංචාරක දිනය අදට යෙදී තිබෙනවා.
ලෝක සංචාරක දිනය සමරන මේ වසරේ දී ශ්‍රී ලංකාවට පැමිණි දසලක්ෂය වන සංචාරකයා ඊයේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් දිවයිනට ළඟා වුණා.
ඇලෙක්ස් සහ ජූලි ඔවුන්ගේ දියණියන් දෙදෙනා සමඟයි මෙසේ දසලක්ෂය වන සංචාරකයා ලෙස සටහන් තැබුවේ.
ඔවුන් හතර දෙනා මාසයක පමණ කාලයක් ශ්‍රී ලංකාවේ සංචාරයේ නිරත වනවා.
ඉරානයේ සිට පැමිණි මොවුන් පිළිගැනීම සඳහා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සහ අධිකාරිය විශේෂ උත්සවයක් ගුවන්තොටුපොළේ දී සංවිධාන කර තිබුණා.
සංචාරක සංවර්ධන අධිකාරියේ සැලසුම් සහ සංවර්ධන අධ්‍යක්ෂ ආචාර්ය ප්‍රසාද් ජයසූරිය මහතායි ඔවුන් පිළිගනු ලැබුවේ.
The post ලෝක සංචාරක දිනය අද appeared first on ITN News.