වසර 33කට පසු පූජාවන් සඳහා නිදහස් කෙරුණු යාපනයේ කෝවිල
යුද්ධය හේතුවෙන් යුධ හමුදා කඳවුරු සීමාව වෙත පවරාගෙන තිබූ යාපනය, වලිකාමම්, කට්ටුවාන් ප්රදේශයේ පිහිටි ශ්රී මුත්තුමාරි අම්මාන් කෝවිල ආගමික වතාවන් සඳහා නිදහස් කිරීමට යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන යුධ හමුදා නිලධාරීන් කටයුතු කොට තිබේ.