මැතිවරණ කොමිසමේ නව සභාපති ඇතුළු සාමාජිකයන් ට නොතීසි
ඡන්ද පෙත්සම් නඩුවට අදාළව මැතිවරණ කොමිසමේ නව සභාපති ඇතුළු සාමාජිකයන් වෙත යළි නොතීසි නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කාර පාර්ශ්වයට නියෝග කළා.
පෙත්සම් විභාගය නොවැම්බර් 21 /22/29/30 සහ දෙසැම්බර් 01 වනදා පැවැත්වීමටයි තීරණය කෙරුණේ.
පළාත් පාලන ඡන්දය කල් දැමීමට එරෙහිව ඉදිරිපත් කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද සලකා බැලුවා.
ජාතික ජනබලවේගය/ සමගි ජනබලවේගය / විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ පැෆ්රල් සංවිධානයයි එම පෙත්සම් ඉදිරිපත් කර තිබුණේ.
පෙත්සම් විභාගයට කඩිනම් දිනයක් ලබා දෙන ලෙස ජාතික ජනබලවේගය වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතීඥ නයිජල් හැච් මහතා ඉල්ලා සිටියා.
එහිදී අගවිනිසුරුවරයා පැවසුවේ පෙත්සම් විභාගය අද දිනට නියමිත වුවද පෙත්ම්කරුවන් විසින් වගඋත්තරකරුවන් වෙත නිසි ලෙස නොතීසි නිකුත් නොකිරීම ඊට බාධාවක් වී ඇති බවයි.
ඒ අනුව මැතිවරණ කොමිසමේ නව සාමාජිකයන්ට සතියක් ඇතුළත නොතීසි නිකුත්කරන ලෙස නියෝග කෙරුණා.
The post මැතිවරණ කොමිසමේ නව සභාපති ඇතුළු සාමාජිකයන් ට නොතීසි appeared first on ITN News.