ජාතික විශ්රාමික දිනය වෙනුවෙන් සංවිධාන කළ සමුළුව අගමැති ප්රදාන්තවයෙන්
ඔක්තෝබර් 8 වනදාට යෙදුණු ජාතික විශ්රාමික දිනය වෙනුවෙන් සංවිධාන කළ සමුළුව අග්‍රාමාත්‍ය දිනේෂ ගුණවර්ධන මහතාගේ ප්‍රදාන්තවයෙන් පැවැත්වුණා.
රාජ්‍ය සේවා විශ්‍රාමිකයන්ගේ භාර අරමුදල රාජ්‍ය සේවා විශ්‍රාමික සමිති ඒකාබද්ධ ජාතික සංවිධානය සහ සමස්ත ලංකා රජයේ විශ්‍රාමිකයින්ගේ ඒකාබද්ධ ජාතික සංවිධානය ඇතුලු ජාතික මට්ටමේ සංවිධානවල විශ්‍රාමික නියෝජිතයින් මෙම සමුළුවට එක්වුණා.
ලක්ෂ 7කට අධික විශ්‍රාමික ප්‍රජාව වෙනුවෙන් ඉටුකළ යුතු ඉල්ලීම් කිහිපයක් ඇතුලත් යෝජනා මාලාවක් මෙම සමුළුවේ දී සම්මත කර ගැනීමට කටයුතු කෙරුණා.
එම ඉල්ලීම ඇතුලත් සංදේශයක් අග්‍රාමාත්‍යවරයාට භාරදීම ද මෙහිදි සිදුකෙරුණා.
The post ජාතික විශ්රාමික දිනය වෙනුවෙන් සංවිධාන කළ සමුළුව අගමැති ප්රදාන්තවයෙන් appeared first on ITN News.