ශ්රී ලංකාවේ ණය අර්බුදය විසඳා ගැනීමට අඛණ්ඩව සහාය වන බවට චීනයෙන් ප්රකාශයක්
ශ්‍රී ලංකාවේ ණය අර්බුදය විසඳා ගැනීමට අඛණ්ඩව සහාය වන බවට චීනයෙන් ප්රකාශයක්
ශ්‍රී ලංකාවේ ණය ගැටලුව පිළිබඳව චීනයේ මූල්‍ය සේවා ආයතන හා ශ්‍රී ලංකා පාර්ශ්වය අතර ඵලදායී සාකච්ඡා පැවැත්වීමට අඛණ්ඩව සහාය වන බව චීනය පවසනවා.
චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක වං වෙන්බින් මහතා මේ බව ප්‍රකාශ කළේ බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ආධාර ලබාගැනීමට සහාය වීම සඳහා, පසුගිය වසරේ සිට චීනයේ අදාළ මූල්‍ය සේවා ආයතන ශ්‍රී ලංකා පාර්ශ්වය සමග අඛණ්ඩව සාකච්ඡා පවත්වා තිබෙනවා.
මේ අතර අදාළ චීන මූල්‍ය සේවා ආයතන නිරීක්ෂකයෙකු වශයෙන් ණය හිමියන්ගේ රැස්වීම්වලට සහභාගී වෙමින් සෙසු ණය හිමියන් සමඟද සංවාද පවත්වා තිබේ.
සැප්තැම්බර් මස අග දී චීනයේ එක්සිම් බැංකුව චීන ණය මුදල පිළිබඳව ශ්‍රී ලංකාව සමග මූලික එකඟතාවකට ද එළඹ තිබේ.
ශ්‍රී ලංකාවේ ණය පීඩනය ලිහිල් කර, දුෂ්කරතා මඟහැර අඛණ්ඩ සංවර්ධනය සාක්ෂාත් කිරීමට සහාය වීම සඳහා, සිය මූල්‍ය සේවා ආයතන හා ශ්‍රී ලංකා පාර්ශ්වය අතර ඵලදායී සාකච්ඡා පැවැත්වීමට අපේක්ෂා කරනවා.
එමෙන්ම අදාළ සෙසු රටවල් හා ජගත් මූල්‍ය සේවා ආයතන සමග ද එක්ව ක්‍රියා කිරීමට සූදානමින් සිටී.
ශ්‍රී ලංකාවේ ණයප්‍රතිව්‍යුහගත කිරීමට සහාය වෙමින් වගකීම සාධාරණ ව මෙන්ම එක්ව බෙදාගන්නා ලෙස චීනය බහුපාර්ශ්වික ආයතන හා වාණිජ ණය හිමියන්ගෙන් ඉල්ලා සිටින බව ද වං වෙන්බින් මහතා ප්‍රකාශ කළා.
The post ශ්රී ලංකාවේ ණය අර්බුදය විසඳා ගැනීමට අඛණ්ඩව සහාය වන බවට චීනයෙන් ප්රකාශයක් appeared first on ITN News.