කළුතර, නාගොඩ ප්රදේශයේ ඉදිකළ මාතෘ සහ ළමා රෝහල විවෘත කෙරේ
රුපියල් බිලියන 10ක් වැය කරමින් කළුතර නාගොඩ ප්රදේශයේ ඉදිකළ මාතෘ සහ ළමා රෝහල අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රදානත්වයෙන් අද විවෘත කෙරුණා.
නෙදර්ලන්ත රජයේ සහන ණය පදනම යටතේ මෙහි ඉදිකිරීම් සිදුකෙරුණා.
සිව්මහල් ගොඩනැගිල්ලකින් සමන්විත රෝහල අංග සම්පුර්ණ ශල්‍යාගාර 4කින් මෙන්ම නේවාසිකව ප්‍රතිකාර ලැබිය හැකි ඇදන් 350ක් ඇතුලු පහසුකම්වලින් යුක්තයි.
රෝහලේ නිල වෙබ් අඩවිය විවෘත කිරීම ද අමාත්‍යවරයා අතින් සිදුකෙරුණා. කළුතර නගරයේ සිට රෝහල දක්වා පැමිණීම සදහා නව ලංගම බස් රථයක් යෙදවීමට ද කටයුතු කෙරුණා.
The post කළුතර, නාගොඩ ප්රදේශයේ ඉදිකළ මාතෘ සහ ළමා රෝහල විවෘත කෙරේ appeared first on ITN News.