පොලීසිය සමඟ ඇති වු වෙඩි හුවමාරුවකදී සැකකරුවෙකු මරුට
කඳාන ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබිමේ සිද්ධීන්වලට සම්බන්ධ සැකකරුවෙකු පොලීසිය සමඟ ඇති වු වෙඩි හුවමාරුවකදී මියගොස් තිබෙනවා.
අදාළ මරණකරු සපුගස්කන්ද ප්‍රදේශයේ නිවසක සිටින බවට ලැබුණු තොරතුරකට අනුව පොලිසිය එම නිවස සොයා පැමිණ තිබෙනවා.
එම අවස්ථවේ දී සැකකරු පොලිසිය දෙසට වෙඩි තබා ඇති අතර ප්‍රතිප්‍රහාර ඔහු මියගිය බවයි පොලිසිය සඳහන් කළේ.
මරණකරු අංගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 49ක් පමණ වූ අයෙක්.
The post පොලීසිය සමඟ ඇති වු වෙඩි හුවමාරුවකදී සැකකරුවෙකු මරුට appeared first on ITN News.