නාට්යවේදීන්ගේ වෘත්තීය සංවර්ධනය හා සුභසාධනය ගැන විශේෂ සාකච්ඡාවක්
ශ්‍රී ලාංකේය නාට්‍ය කලාවේ දීර්ඝ ඉතිහාසයක් සහිත සිංහල සංස්කෘතික මධ්‍යස්ථානයේ (සුදර්ශී) නාට්‍යවේදීන්ගේ වෘත්තීය සංවර්ධන හා සුභසාධනය සම්බන්ධයෙන් රාජ්‍ය මැදිහත්වීමක් ලබාදීම සඳහා සුදර්ශී නාට්‍ය ශිල්පීන්ගේ සංගමය විසින් කරන ලද ඉල්ලීමකට අනුව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණුඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සමඟ විශේෂ සාකච්ඡාවක් පසුගියදා සුදර්ශී ශාලාවේදී පැවැත්වුණා.
එම සාකච්ඡාවේ දිගුවක් ලෙස පසුගියදා (2023.10.23) අධිකරණ අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවේදී සුදර්ශී ආයතනයේ නාට්‍යකරුවන්ගේ වෘත්තීය මට්ටම ඉහළ නැංවීම සඳහා අවශ්‍ය කරන ශිෂ්‍යත්ව ලබාදීම, විදේශ වැඩමුළු, නාට්‍යවේදීන් සඳහා ණය පහසුකම් ලබාදීම, ඔවුන්ගේ නාට්‍ය රඟදැක්වීම සඳහා ශාලාවන් වෙන්කරගැනීමේදී අයකරන ඉහල ගාස්තු අඩුකර ගැනීම, බස්රථයක් ලබාගැනීම වැනි කටයුතු සම්බන්ධයෙන් ගරු අමාත්‍යතුමා සමඟ සාකච්ඡා කළා.
සිංහල සංස්කෘත්ක ආයතනයේ උප සභාපති ගාමිණී සිල්වා, නීතිඥ දීපාල් සූරියආරච්චි, සනත් දික්කුඹුර ඇතුළු ප්‍රවීණ කලාවේදීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.
The post නාට්යවේදීන්ගේ වෘත්තීය සංවර්ධනය හා සුභසාධනය ගැන විශේෂ සාකච්ඡාවක් appeared first on ITN News.