කුවේට් රාජ්යයෙන් පිටුවහල් කළ 28 දෙනෙකු දිවයිනට
වීසා නොමැතිව කුවේට් රාජ්‍යයේ රැඳී සිටි 28 දෙනෙකු එරටින් පිටුවහල් කර කටුනායක ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණියා.
මෙම ශ්‍රී ලාංකික ගෘහ සේවක සේවිකාවන් වීසා නොමැතිව නීතිවිරෝධී ලෙස දිගු කලක් කුවේටයේ රැඳී සිටි අයයි.
ශ්‍රී ලංකාවට පැමිණීම සදහා ඔවුන් එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී සිටියා. ඒ අනුව තානාපති කාර්යාලය, එරට පොලිසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අධිකරණය යන ආයතනවල ඒකාබද්ධ ක්‍රියාදාමයකිනුයි මෙම පිරිස යළි ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට හැකිවූයේ.
කාන්තාවන් 24 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් හතර දෙනෙකු ඊට අයත් වුණා.
අද අලුයම මෙලෙස දිවයිනට පැමිණි ගෘහ සේවක සේවිකාවන්ට සිය ගම්බිම් බලා පිටත්ව යාම සදහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් අවශ්‍ය කටයුතු සලසා තිබුණා.
The post කුවේට් රාජ්යයෙන් පිටුවහල් කළ 28 දෙනෙකු දිවයිනට appeared first on ITN News.