බස් රථය මග නවතා රියදුරා මත් ද්රව්ය භාවිතා කිරීමට යයි
පුගොඩ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස්රථයක් , මගීන් සමඟ දෙල්ගොඩ ප්‍රදේශයේ නවතා එහි රියදුරා මත් ද්‍රව්‍ය ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් , අභ්‍යන්තර පරීක්ෂණයක්ද සිදු කිරීමට මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය තීරණය කර තිබෙනවා.
මේ වන විට අදාල බස්රථය ධාවනයේ යෙදවීම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති අතර ඉදිරි ක්‍රියා මාර්ග ගැනීමට නියමිතයි.
පසුගිය දිනෙක මගීන් සහිත බස් රථයක් නවතා එහි රියදුරා මත් ද්රව්ය භාවිතා කිරීම පිනිස ගොස් ඇති බවට පොලීසියට ලද තොරතුරක් මතයි රියදුරා අත් අඩංගුවට ගෙන තිබෙන්නේ.
The post බස් රථය මග නවතා රියදුරා මත් ද්රව්ය භාවිතා කිරීමට යයි appeared first on ITN News.