චීන නැව පරීක්ෂණ අරඹයි
දිවයිනට පැමිණි "Shi Yan 6" චීන පර්යේෂණ නෞකාව, නාරා ආයතනය සමග එක්ව මෙරට බටහිර මුහුදේ සිදුකරන පර්යේෂණ කටයුතු අද (30) ආරම්භ කිරීමට නියමිතව තිබේ.<br><br>"Shi Yan 6 චීන පර්යේෂණ නෞකාව පසුගිය 25 වන දා කොළඹ වරායට ළඟා වු අතර අදාළ පර්යේෂණ අද සහ හෙට (31) යන දෙදින තුළ සිදුකිරීමට විදේශ කටයුතු අමාත්යංශය පසුගිය දා අවසර ලබාදී තිබුණි.