ඉස්තාන්බුල් නුවර සහ කටුනායක අතර ඍජු ගුවන් ගමන් ඇරඹේ
තුර්කි ගුවන් සේවය ශ්‍රී ලංකාව සමඟ සෘජු ගුවන් සේවා ආරම්භ කරමින් මංගල ගුවන් යානය අද (30)උදෑසන කටුණායක ගුවන් තොටුපලට පැමිණියා.
මීට වසර 10ක පමණ කාලයක සිට තුර්කි ගුවන් සේවය මාලදිවයින හරහා කටුණායක ගුවන් තොටුපල වෙත තම ගුවන් සේවා පවත්වාගෙන ගොස් තිබුණා.
සෘජු ගුවන් ගමන් සේවා ආරම්භ කිරීමත් සමග තුර්කියේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන්ගේ සංඛ්‍යාව තුන් ගුණයකින් ඉහළ යන බවයි ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගම සදහන් කරන්නේ.
ඒ අනුව තුර්කි ගුවන් සේවයේ මංගල ගුවන් යානය තුර්කියේ ස්ථාන්බුල් නුවර සිට කටුණායකට අද උදෑසන පැමිණියා. ඒ ගුවන් මගීන් 261 දෙනෙකු ද සමගින්.
ගුවන් යානය පිළිගැනීම සදහා උත්සවයක් සංවිධාන කර තිබූ අතර අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී ඒ චන්ද්‍රසිරි යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්වුණා.
මෙම ගුවන් යානය ගුවන් මගීන් 209 දෙනෙකු සමගින් කටුණායක සිට යළි ස්ථාන්බුල් නුවර දක්වා පියාසර කළා.
මෙම සෘජු ගුවන් ගමන සදහා පැය 8ක කාලයක් ගතවන අතර සදුදා, අගහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා යන දිනවල තුර්කියේ සිට මෙම ගුවන් යානය පැමිණීමට නියමිතයි.
The post ඉස්තාන්බුල් නුවර සහ කටුනායක අතර ඍජු ගුවන් ගමන් ඇරඹේ appeared first on ITN News.