පිට පාරේ ගිය දුම්රිය
බදුල්ල දුම්රිය ස්ථානයෙන් කොළඹ කොටුව බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය හීල් ඔය හා බණ්ඩාරවෙල දුම්රිය ස්ථාන අතරදී පීලි පැනීමකට ලක්ව තිබෙනවා.
බදුල්ල දුම්රිය ස්ථානයෙන් පෙරවරු 10.15ට ගමන් ආරම්භ කළ දුම්රියේ එක් රෝද කට්ටලයක් මෙසේ පීලි පැනීමට ලක්වුණා.
ඒ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වන දුම්රිය බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයට පමණක් ධාවනය කෙරෙන බවයි දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ.
උඩරට දුම්රිය මාර්ගයේ ධාවනයට බාධා එල්ල කරමින් මෙම මාසය තුළ පමණක් අවස්ථා 4කදී දුම්රිය පීලි පැනීමට ලක්වුණා.
The post පිට පාරේ ගිය දුම්රිය appeared first on ITN News.