න්යෂ්ටික බලවතුන් අතර ගැටුමක් ඇතිවීමේ ඉහළ අවදානමක්
න්‍යෂ්ටික බලවතුන් අතර ගැටුමක් ඇතිවීමේ ඉහළ අවදානමක් පවතින බවට රුසියා ආරක්ෂක අමාත්‍යවරයා අනතුරු අගවනවා.
රුසියා ආරක්ෂක අමාත්‍ය සර්ගේයි ෂොයිගු සදහන් කරන්නේ රුසියා යුක්රේන යුද ගැටුම්වලට ඇමෙරිකාව ඇතුලු බටහිර රටවල් එල්ල කරන බලපෑම් ඉහළ යාමත් සමග මෙවැනි ගැටුමක් හටගත හැකි බවයි.
එයින් සමස්ත ලෝකයටම අනිටු ප්‍රති විපාකයන්ට මුහුණදීමට සිදුවනු ඇති බව ද ආරක්ෂක අමාත්‍යවරයා පෙන්වා දෙනවා.
එමෙන්ම බටහිර රටවල් ආසියාව හා ඉන් ඔබ්බට යුක්රේන යුද ගැටුම් පතුරුවාලීමට උත්සහ කරන බවට ද ඔහු චෝදනා කරනවා.
The post න්යෂ්ටික බලවතුන් අතර ගැටුමක් ඇතිවීමේ ඉහළ අවදානමක් appeared first on ITN News.