AKEBONO නෞකාව දිවයිනෙන් පිටත්ව යයි
ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බළකායට අයත් අකේබොනෝ නෞකාව නිල සංචාරය නිම කරමින් දිවයිනෙන් පිටත්ව ගියා.
ශ්‍රී ලංකා නාවික හමුදාව නාවික සම්ප්‍රදායන්ට අනුව නෞකාවට සමුදීම සිදු කළා.
අකේබොනෝ නෞකාව නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණියේ පසුගිය 28 වනදායි.
එම නෞකාව ශ්‍රී ලංකා නාවික ශක්ති නෞකාව සමඟ ඒකාබද්ධ නාවික අභ්‍යාසයකට එක් වුණා.
එහිදී නෞකා පෙළ හැඩයන් ඔස්සේ ගමන් කිරීම , නෞකා අතර පණිවුඩ හුවමාරුව ඇතුළු වැඩසටහන් රැසක් සිදු කෙරුණා.
එම නාවික අභ්‍යාසය අවසන් කළ අකේබොනෝ නෞකාව ඊයේ දිවයිනෙන් පිටත්ව ගියා.
නෞකාවට සමුදීමේ උත්සවය නාවික හමුදා සම්ප්‍රදායන්ට අනුව සිදු කෙරුණේ ත්‍රිකුණාමල වරායේ දී.
The post AKEBONO නෞකාව දිවයිනෙන් පිටත්ව යයි appeared first on ITN News.