සෞඛ්ය ඇමති සහ අමාත්යාංශයේ සියලු විෂය ප්රධානීන් අතර විශේෂ සාකච්ඡාවක්
සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් හට පැවරි ඇති විෂය පථය සහ කාර්යභාරය පිළිබද කරුණු විමසා බැලීමේ විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය හා කාර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණා.
මෙහි දී නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) වෛද්‍ය ජී. විඡේසූරිය, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය II වැඩ ආවරණ) වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (දන්ත සේවා) වෛද්‍ය ආනන්ද ජයලාල්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (රසායනාගාර සේවා) වෛද්‍ය සුදත් ධර්මරත්න, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය I) වෛද්‍ය මහේන්ද්‍ර ආනල්ඩ්, යන නිලධාරීන් තම විෂය පඨයට අදාලව සෞඛ්‍ය අමාත්‍යතුමා දැනුවත් කරමින් කරුණු ඉදිරිපත් කළා.
මානව හා භෞතික සම්පත් සංවර්ධනය, ප්‍රවාහන පහසුකම් හා අනෙකුත් අත්‍යාවශ්‍ය මූල්‍යමය පහසුකම් පිළිබඳව, දැනට රෝහල්වල ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳව, ඩෙංගු රෝගය පාලනය හා ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළේ වත්මන් තත්ත්වය, ජලභීතිකාව පාලනය, ක්ෂය රෝගය පාලනය, දරුවන්ගේ සහ මව්වරුන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීමට ගෙන ඇති පියවර සහ ඉළක්කයන්, ප්‍රථමික සෞඛ්‍ය සේවා වැඩිදියුණූ කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග, බෝවන හා බෝනොවන රෝග වලින් ජනතාව මුදවා ගැනීම සදහා ක්‍රියාත්මක වැඩපිළිවෙල, රසායනාගාර පහසුකම්හි වත්මන් තත්ත්වය, ජාතික එන්නත්කරණ වැඩපිළිවෙල ඒ අතර වුණා.
විධිමත් සෞඛ්‍ය සේවාවක් මෙරට ක්‍රීයාත්මක කිරිම සඳහා අවශ්‍ය ඖෂධ, වෛද්‍ය උපකරණ, ශල්‍ය උපකරණ ඇතුලු අත්‍යාවශ්‍ය අමුද්‍රව්‍ය ලබාගැනීමේ දී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියට යටත්ව කටයුතු කරන ලෙසට මෙහිදි අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නා.
පාසල් දන්ත චිකිත්සකවරුන් දහසක ප්‍රමාණයක් මෙරට දන්ත සෞඛ්‍ය සේවා කටයුතු සඳහා අවශ්‍ය නමුත් දැනට සේවා කටයුතු වල නිරත වන සංඛ්‍යාව 350 ක් බව ද මෙහි දී අනාවරණය වූ අතර, හිඟ චිකිත්සකවරුන් පුහුණූ කිරිම සම්බන්ධයෙන් පවතින බාධාවන් ඉවත් කර පුහුණු කිරීම් කඩිනම් කරන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහි දි උපදෙස් ලබාදුන්නා.
The post සෞඛ්ය ඇමති සහ අමාත්යාංශයේ සියලු විෂය ප්රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් appeared first on ITN News.