රාජ්ය නාට්ය උළෙල ලබන 26 වනදා දක්වා
2022 රාජ්‍ය නාට්ය උළෙල පසුගියදා ආරම්භ වුණා.
මෙම නාට්‍ය උළෙල ලබන 26 වනදා දක්වා මරදාන එල්ෆිනිස්ටන් රගහලේදී වේදිකාගත වනවා.
දේශීය නාට්‍ය ශිල්පීන්ගේ මෞලි මංගල්‍ය ලෙස හැදින්වෙන රාජ්‍ය නාට්ය උළෙල සදහා උතුරු නැගෙනහිර ඇතුළු දිවයිනේ සෑම පළාතක්ම නියෝජනය කරමින් සිංහල හා දෙමළ භාෂා මාධ්‍ය ද්විත්වයෙන්ම තෝරාගනු ලබන නාට්‍ය ඇතුළත් වනවා.
නොවැම්බර් පළමුවනදා සිට 8 වෙනිදා දක්වා වේදිකා ගත වන්නේ කෙටි නාට්‍යයයි.
නොවැම්බර් 13 වනදා සිට 26 වනදා දක්වා දිගු නාට්‍ය මරදාන එල්ෆිනිස්ටන් රගහලේදී වේදිකාගත කිරීමට නියමිතයි.
රාජ්‍ය නාට්‍ය උළෙලේ නිල මාධ්‍ය අනුග්‍රහය ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයෙනි.
අනූපම කෝකිල අබේධීරගේ බුෂුවා සාදය / ඩබ්ලිව් වී ඩි සචිනි කෞෂල්‍යාගේ ඔරු උරුලෙයි / කේ චතුරංග පෙරේරාගේ ලෙස්ට් මැරීඩ් / ඩබ්ලිව් ඩී පූර්ණජිත් අනුරාධගේ තුං තුඹ මල් / යන කෙටි නාට්‍ය හෙට වේදිකාගත වීමට නියමිතයි.
සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතාගේ ප්‍රධානත්වයෙනුයි සමාරම්භක උත්සවය පැවැත්වුණේ.
The post රාජ්ය නාට්ය උළෙල ලබන 26 වනදා දක්වා appeared first on ITN News.