මානූෂීක නීතින් උල්ලංඝනය කිරීමක් ගැන තලෙයිබාන් සංවිධානය කියයි
සිය රටේ රැඳී සිටින ඇෆ්ගනිස්තානුවන් මිලියන 1යි දශම 7ක පිරිසක් නොවැම්බර් පළමුවනදා වන විට ඇෆ්ගනිස්තානයට යා යුතු බවට පාකිස්තානය නියෝග කර තිබුණා.
මේ වන විට එම නියෝගයට අනුව ලක්ෂ දෙකකට වැඩි පිරිසක් සිය දේශසීමා හරහා පිටත්ව ගිය බවයි පාකිස්තාන බලධාරීන් සඳහන් කරන්නේ.
ලබන වසරේ පැවැත්වෙන මහමැතිවරණය ඉලක්ක කර ගෙන පාකිස්තානය මෙම නියෝග සිදුකර තිබුණා.
කෙසේ වෙතත් තලෙයිබාන් සංවිධානය පෙන්වා දෙන්නේ පාකිස්තානය බලහත්කාරයෙන් තම වැසියන් ආපසු හරවා එවූ බවයි.
එය මානූෂීක නීතින් උල්ලංඝනය කරන්නක් බව තලෙයිබාන් සංවිධානය කියා සිටිනවා.
The post මානූෂීක නීතින් උල්ලංඝනය කිරීමක් ගැන තලෙයිබාන් සංවිධානය කියයි appeared first on ITN News.