මෙරට අධ්යාපන ක්ෂේත්රය ඩිජිටල් පරිවර්තනයකට පියවර
මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉදිරි සංවර්ධන ක්‍රියාමාර්ග තුළ ඩිජිටල් පරිවර්තනයට අනුවර්තනය වීමට සහ ඒ හා සම්බන්ධ වෙමින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙනයාමට අධ්‍යාපන විෂය භාර අමාත්‍යවරයා වශයෙන් තමා කැප වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළා.
හුවාවි දකුණු ආසියානු නියෝජිත කාර්යාලයේ සභාපති පෑන් ජුන්ෆෙන් (Pan Junfeng) මහතා සමඟ පසුගියදා අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති සාකච්ඡාවේ දී අමාත්‍යවරයා මේ බව පැවසුවා.
මෙම සාකච්ඡාවේ මූලික අරමුණ වූයේ, ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්රය තුළ ඩිජිටල්කරණ ප්‍රයත්නයන් ඉදිරියට ගෙන යාමයි.
මේ සඳහා සම්බන්ධවන පාර්ශවකරුවන් අතර තාක්‍ෂණික දැනුවත්භාවය සහ හැකියාවන් වැඩිදියුණු කිරීම සඳහා හුවාවි සමාගම විසින් අධ්‍යාපන අමාත්‍යාංශයට උපකාර කළ හැකි ආකාරය පිළිබඳ ව මෙහි දී ඵලදායී සාකච්ඡාවක් දෙපාර්ශවය අතර පැවැත්වුණා.
මේ සඳහා දෙපාර්ශවය අතර සහයෝගීතාව ශක්තිමත් කරමින් ධාරිතා සංවර්ධනයට පියවර ගත යුතු බව ද සාකච්ඡා වූ අතර, හුවාවි සමාගම ශ්‍රී ලංකාවට සිය විශේෂඥ සහාය සහ තාක්‍ෂණික විසඳුම් ලබා දීමට කැපවී සිටින බව පෑන් ජුන්ෆෙන් මහතා සඳහන් කළා.
මෙම වැඩසටහනේ සාර්ථකත්වය සහතික කිරීම සඳහා හුවාවි සමාගම අමාත්‍යවරයා සහ අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ සමීපව සහයෝගයෙන් කටයුතු කිරීමට ද එකගත්වය පළ කළා.
ශ්‍රී ලංකාව සඳහා දියුණු ඩිජිටල් ආර්ථික වැඩසටහනක් ස්ථාපිත කිරීම වෙනුවෙන් හුවාවි සමාගම ශ්‍රී ලංකාවට සහාය වීමට කැපවී සිටින බව ද, නවීන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් තුළින් බොහෝ සංවර්ධන වැඩසටහන්වල පවත්නා ඩිජිටල් දුරස්ථභාවය අවම කිරීමටත්, මෙරට තොරතුරු සන්නිවේදන තාක්ෂණ කුසලතා වර්ධනය කිරීම මගින් ආර්ථික වර්ධනයට දායක වීමටත් අවස්ථාව ලැබීම සතුටක් බව ද හුවාවි දකුණු ආසියානු නියෝජිත කාර්යාලයේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවා.
එමෙන් ම, මෙරට අධ්යාපන ක්ෂේත්රය තුළ ඩිජිටල්කරණ ප්‍රයත්නයන් ඉදිරියට ගෙන යන්නේ කෙසේ ද යන්න පිළිබඳව අධ්‍යාපන අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් තොරතුරු සාකච්ඡා කළ අතර, එම අරමුණු සාක්ෂාත් කර ගැනීමේ දී ඩිජිටල් තාක්ෂණයේ තීරණාත්මක කාර්යභාරය ද අවධාරණය කළා.
Huawei Sri Lanka ප්‍රධාන විධායක නිලධාරී ටාඕ ග්වන්යාඕ (Tao Guangyao) Huawei Sri Lanka Enterprise Business Group හි උප සභාපති නී ශ්‍යාපොම් (Ni Xiaopeng (Liam) Huawei – Srilanka මහජන කටයුතු සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලී චින්ග් (Li Qing), සහ අධ්‍යක්ෂ නදුන් ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.
අධ්‍යාපන අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් හේමන්ත ප්‍රේමතිලක මහතා සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජිතයින් පිරිසක් ද මෙම සාකච්ඡාවට එක්වුණා.
The post මෙරට අධ්යාපන ක්ෂේත්රය ඩිජිටල් පරිවර්තනයකට පියවර appeared first on ITN News.