ප්රතිව්යුහගත වැඩපිළිවෙළ සහ පුනර්ජනනීය බලශක්ති ව්යාපෘති සැලසුම් පිළිබඳ සාකච්ඡාවක්
යෝජිත විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත වැඩපිළිවෙළ සහ පුනර්ජනනීය බලශක්ති ව්යාපෘති සැලසුම් පිළිබඳව සාකච්ඡාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ සංවර්ධන නියෝජිත ආයතන සමඟ ඊයේ සවස පැවැත්වුණා.
එම අවස්ථාවට ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය, ඇමෙරිකානු ජාත්‍යන්තර සංවර්ධන ආයතනය, ප්‍රතිව්‍යුහගත කාර්යාංශය සහ කමිටුවේ නිලධාරීන් සහභාගී වුණා.
එහිදී නව විදුලිබල පනත, ප්‍රතිව්‍යුහගත වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය, නව ව්‍යාපෘති සකස් කිරීම, විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම් සහ විදුලි ගාස්තු ක්‍රමවේද පිළිබඳව ඔවුන්ගේ තාක්ෂණික සහය ලබා ගැනීම වෙනුවෙන් සාකච්ඡා කරනු ලැබුවා.
The post ප්රතිව්යුහගත වැඩපිළිවෙළ සහ පුනර්ජනනීය බලශක්ති ව්යාපෘති සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් appeared first on ITN News.