ජී 20 සමුළුව සඳහා රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටිං සහභාගී වෙයිද?
වීඩීයෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන ජී 20 සමුළුව සඳහා රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටිං සහභාගී වන බව වාර්තා වනවා.
හෙට දිනයේ දී ජී 20 සමුළුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රදානත්වයෙන් වීඩීයෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට නියමිතයි.
පසුගිය වසරේ දී ඉන්දුනිසියාවේ හා පසුගිය සැප්තැම්බර් මාසයේ දී ඉන්දියාවේ පැවති ජී 20 සමුළු සඳහා රුසියා ජනාධිපතිවරයා සහභාගී වුයේ නැහැ.
ජාත්‍යන්තර අපරාධ අධිකරණය රුසියා ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබිම හේතුවෙන් ඔහු තම අතිශය මිත්‍රශිලි රටවලට පමණක් තම සංචාරයන් සීමා කර තිබෙනවා.
කෙසේ වුවද හෙට දිනයේ ජී 20 සමුළුව වීඩීයෝ තාක්ෂණ ඔස්සේ පැවැත්වෙන බැවින් ඒ සදහා ව්ලැඩිමීර් පුටිං සහභාගී වන බවයි රුසියා ආරංචි මාර්ග සදහන් කරන්නේ.
The post ජී 20 සමුළුව සඳහා රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටිං සහභාගී වෙයිද? appeared first on ITN News.