උදයංග වීරතුංගට විදේශ ගත වීමට අවසර
රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතාට විදේශ ගත වීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද අවසර ලබාදුන්නා.
මිග්යානා ගණුදෙනුවට අදාළව ඒ මහතාගේ විදෙස් ගමන් තනහම් කර තිබුණා.
සංචාරක ප්‍රවර්ධනය සඳහා රුසියා සංචාරකයන් මෙරටට රැගෙන ඒම පිළිබඳ අවධානය යොමුකරමින් ඔහුගේ නීතිඥවරයා කළ ඉල්ලීමකට අනුවයි උදයංග වීරතුංග මහතාගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත්කෙරුණේ.
මෙම නඩුව සඳහා වසර 3ක් තිස්සේ නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත්ව නැති බව ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා ප්‍රකාශ කළා.
ඇප මත මුදා හැර සිටින උදයංග වීරතුංග මහතා අද අධිකරණය හමුවේ පෙනී සිටියා.
මෙම නඩුව ලබන මස 27 වනදා යළි කැඳවීමට නියමිතයි.
The post උදයංග වීරතුංගට විදේශ ගත වීමට අවසර appeared first on ITN News.