ශිෂ්යත්වයෙන් ප්රථම ස්ථානයට පත් නවාංග හංසරාජ්ට ශිෂ්යත්වයක්
මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 198ක් ලබා ගනිමින් දිවයිනේ ප්‍රථම ස්ථානයට පත් සිසුන් පස්දෙනා අතුරින් අනුරාධපුර ශාන්ත ජෝසප් විද්‍යාලයේ නවාංග හංසරාජ් ෆොන්සේකා දරුවාට ශිෂ්‍යත්ව හා පාසල් උපකරණ ප්‍රධානය කෙරුණා.
උතුරු මැද පළාත් අධ්‍යාපන සංවර්ධන අරමුදලින් රුපියල් ලක්ෂ දෙකක මුදලක් හා පාසල් උපකරණ මෙම දරුවාට පිරිනැමුණා. ඒ පළාත් ආණ්ඩුකාර මහිපාල හේරත් මහතාගේ ප්‍රදානත්වයෙන්. 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අනුරාධපුර ශාන්ත ජෝසප් විද්‍යාලයෙන් පෙනී සිටි සිසුන් 257 දෙනා අතුරින් සිය දෙනෙකුම විභාගය සමත්ව තිබෙනවා.
The post ශිෂ්යත්වයෙන් ප්රථම ස්ථානයට පත් නවාංග හංසරාජ්ට ශිෂ්යත්වයක් appeared first on ITN News.