නවීනත්වයට ගැළපෙන පරිදි අධ්යාපනය වෙනස් නොකළොත් රට ගොඩනගන්න බැහැ
නවීනත්වයට ගැළපෙන පරිදි අධ්යාපනය වෙනස් නොකළහොත් රට ගොඩනැගිය නොහැකි බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා.
නිට්ටඹුව රන්පොකුණගම මහා විද්‍යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් හිටපු ජනාධිපතිනිය මෙම අදහස් පළ කළා.
ආචාර්ය පූජ්‍ය පන්නිල ආනන්ද ස්වාමීන් වහන්සේගේ දායකත්වයෙන් ඉදිකළ නිට්ටඹුව රන්පොකුණගම මහා විද්‍යාලයේ පාසල් ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරීම පසුගියදා සිදු වුණා.
ආචාර්ය පූජ්‍ය පන්නිල ආනන්ද ස්වාමීන් වහන්සේ ඉදි කළ 40 වන පාසල් ගොඩනැගිල්ල ලෙසයි මෙය සැළකෙන්නේ. සියම් නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිවුල්කුඹුරේ විමලධම්ම ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙනුයි විවෘත කිරීමේ උත්සවය පැවැත්වුණේ.
මෙහිදී අදහස් පළ කළ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩානායක කුමාරතුංග මහත්මිය ප්‍රකාශ කළේ මෙරට පාසල්වලින් විශ්වවිද්‍යාලවලින් ලබා දෙන අධ්‍යාපනය මගින් දරුවන්ගේ අනාගතය ගොඩ නැගිය නොහැකි බවයි.
The post නවීනත්වයට ගැළපෙන පරිදි අධ්යාපනය වෙනස් නොකළොත් රට ගොඩනගන්න බැහැ appeared first on ITN News.