ප්රති-ක්ෂුද්ර ජීවී ප්රතිරෝධයෙන් ශ්රී ලංකාවේ වසරකට පුද්ගල මරණ 2,800ක්

- itnnews.lk

ඇන්ටිබයිටික් හෙවත් ප්‍රතිජීවක ඖෂධ හේතුවෙන් වාර්ෂිකව ලොව පුරා මිනිස් ජීවිත ලක්ෂ හතක් අහිමි වන බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.

මැලේරියා, ඩෙංගු, වැනි රෝග මර්දනය සදහා අවධානයක් යොමු කරනවා සේම ප්‍රතිජීවක ඖෂධ මගින් වන භයානක තත්ත්වයන් සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවයි අමාත්‍යවරයා පවසන්නේ.

“ලෝක ප්‍රති-ක්ෂූද්‍රජීවක ඖෂධ පිළිබඳව දැනුවත් වීමේ සතිය” වෙනුවෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීකයින්, පරිපාලකයින් හා වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩල දැනුවත් කිරීමේ විශේෂ සම්මන්ත්‍රණයක් පසුගිය දින සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේදි පැවැත්වුණා.

“සැවොම එක්වී ප්‍රති-ක්ෂූද්‍රජීවක ප්‍රතිරෝධය වළක්වමු” යන්න තේමා කරගනිමින් මෙම උත්සවය සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (රසායනාගාර සේවා) ප්‍රමුඛ එම අංශය විසින් සංවිධානය කර තිබිණි.

ප්‍රති-ක්ෂූද්‍රජීවක ඖෂධ සඳහා ක්ෂූද්‍ර ජීවින් තුළ ප්‍රතිරෝධය ඇතිවීම ගෝලීය සෞඛ්‍යට සහ සංවර්ධනයට තර්ජනයක් බවට පත්වී ඇත.

ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මානව වර්ගයා මුහුණ දෙන ප්‍රධානතම සෞඛ්‍ය ගැටලු 10 ය අතරින් එකක් ලෙස ප්‍රතිජීවක ඖෂධ කෙරෙහි ක්ෂූද්‍ර ජීවින් තුළ ප්‍රතිරෝධය ඇතිවීම හඳුනාගෙන ඇත.

සෑම වසරකම ලොව පුරා රටවල්වල සෞඛ්‍ය අංශ නොවැම්බර් මස 18 සිට 24 දක්වා මෙම සතිය සෞඛ්‍ය වෘත්තිකයින් හා ජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නා අතර එම සතිය තුළ ඊට අදාළ වැඩසටහන් ද ක්‍රියාත්මක කරයි.

ඒ අනුව කටයුතු කරමින් මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද මෙම විශේෂ දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණය අමතමින් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ,

“වාර්ෂිකව ලොව පුරා මිනිස් ජීවිත ලක්ෂ හතක ප්‍රමාණයක් ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ප්‍රතිරෝධය හේතුවෙන් අහිමි වන බවත් ශ්‍රී ලංකාවේ එය වසරකට දෙදහස් අට සියයක් පමණ වන බව අනාවරණය වී ඇති අතර තවත් ජීවිත පන්දහසක් පමණ ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ප්‍රතිරෝධය ආශ්‍රිත වක්‍රාකාර හේතු නිසා වාර්ෂිකව අපට අහිමිවන බවද අවධාරණය කළේය.

මැලේරියා, ඩෙංගු, බරවා වැනි රෝග මර්දනය සඳහා සෞඛ්‍ය කණ්ඩායම් වැඩි අවධානයක් යොමු කරනවා සේම මෙම ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ප්‍රතිරෝධය නිසා ඇතිවී ඇති භයානක තත්ත්වය සම්බන්ධයෙන් ද වැඩි අවධානයකින් කටයුතු කිරීම අත්‍යවශය බවත්, ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ප්‍රතිරෝධය සම්බන්ධයෙන් ක්‍රියා කරනු ලබන පාර්ශවකරුවන් අතර එකඟතාවයෙන් අවශ්‍ය ඉදිරි පියවර ගනිමින් ද, ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ප්‍රතිරෝධය සහ අදාළ ගැටළු සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය දිශානතියක් වර්ධනය කර ගැනීම කාලෝචිත ක්‍රියාවක් බව ද පෙන්වා දුන්නේය.

මෙම විෂය සහ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය නංවාලීමට ලෝක සෞඛ්‍ය සංවිධානය දක්වන නොසැලෙන කැපවීමට විශේෂ ස්තූතියක් කල අමාත්‍යවරයා අවසාන වශයෙන් කියා සිටියේ ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ප්‍රතිරෝධය මැඩපැවැත්වීම සඳහා සියලුම පාර්ශවයන් එකඟතාවකින් ක්‍රියාකාරීව කටයුතු කළ යුතු බවත් ප්‍රතිජීවක ඖෂධ අතාර්තික ලෙස නිර්දේශ කිරීම සහ අවභාවිතා කිරීම වලක්වා මෙම ව්‍යසනයෙන් අප ආරක්ෂා කරගැනීම අනිවාර්යයෙන් සිදු කළ යුතු කාර්යයක් බවයි.”

ප්‍රතිජීවක ප්‍රතිරෝධය පාලනය කිරීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉහළ ප්‍රමුඛතාවයකි.

ප්‍රතිජීවක ප්‍රතිරෝධය ඇතුළු ක්ෂූද්‍රජීවී ප්‍රතිරෝධය පිළිබඳ ගෝලීය ක්‍රියාකාරි සැලැස්ම 2015 මැයි මාසයේ ලෝක සෞඛ්‍ය සමුළුවේදි අනුමත කර ඇත. එම සැලැස්ම මගින් බෝවන රෝග වැළැක්වීම සහ ප්‍රතිකාර කිරීම ආරක්ෂිත සහ ඵලදායි ඖෂධ මගින් සහතික කිරීම අනුමත කර ඇත.

2019 වසරේදි ලොව පුරා මරණ මිලියනකට අධික ප්‍රමාණයක් ඖෂධ ප්‍රතිරෝධී ආසාදන හේතුකොටගෙන සිදුවී ඇත. එමෙන්ම මෙම තත්වය මැඩ පැවැත්වීම සඳහා සුදු කඩිනම් ක්‍රියාමාර්ග නොගතහොත් 2050 වසර වන විට ඖෂධ ප්‍රතිරෝධි ආසාදන හේතුවෙන් වසරකට මරණ මිලියන 10ක් පමණ සිදුවිය හැකි බවට ගණන් බලා ඇත.

ජීවිත හානි වලට අමතරව ඖෂධ ප්‍රතිරෝධි ආසාදන හේතුවෙන් දිගුකාලීන රෝගාබාධ, දිගුකාලීන රෝහල්ගත වීම්, ආබාධිත බව, මිල අධික වෙනත් ඖෂධ සඳහා අධික පිරිවැයක් දැරීමට හේතුවෙන් ආර්ථික බිඳවැටීම් වලට මුහුණ දීමටද සිදුවේ.

 

 

The post ප්රති-ක්ෂුද්ර ජීවී ප්රතිරෝධයෙන් ශ්රී ලංකාවේ වසරකට පුද්ගල මරණ 2,800ක් appeared first on ITN News.

You may also like

- island.lk

The Pentagon says it will “rush” Patriot air defence missiles and artillery ammunition to Ukraine as part of its new military aid package. The US will utilise $6bn (£4.8bn) for this purpose, Defence Secretary Lloyd Austin revealed on Friday. Patriot air defence batteries are not included. Ukrainian President Volodymyr Zelensky said Patriots were “urgently” needed […]

- island.lk

Weather forecast issued at 05.30 a.m. on 27 April 2024 by the Department of Meteorology Misty conditions can be expected at some places in Western, Sabaragamuwa, Central and Uva provinces during the morning. Showers or thundershowers may occur at a few places over the coastal areas from Galle to Hambantota via Matara during the morning […]

- adaderana.lk

During a raid carried out in Navinna area of Maharagama, the police have impounded a cache of heroin weighing 8 kilograms.

- adaderana.lk

A 31-year-old man has been arrested on Friday night (26) for the possession of a large consignment of narcotic substances.

- adaderana.lk

The National Water Supply Drainage Board (NWSDB) says a 14-hour water cut would be imposed for several areas in Colombo District on Saturday evening (27).

- onlanka.com

Under Secretary for Trade and Foreign Agricultural Affairs at the U.S. Department of Agriculture (USDA), Alexis Taylor, paid a courtesy visit to President Ranil Wickremesinghe on Friday (April 26).The post USDA official collaborates with Sri Lankan President to advance dairy modernization appeared first on ONLANKA - Sri Lanka Latest Breaking News and Top Stories.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc