දේවගැති ජෙරම් ප්රනාන්දු අදත් CIDයට
දේවගැති ජෙරම් ප්‍රනාන්දු අද (01) දෙවන දිනටත් ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා.
බෞද්ධාගමට අපහාස වන ප්‍රකාශ සිදුකර පසුව විදේශ ගත වු දේවගැති ජෙරොම් ප්‍රනාන්දු ඊයේ දිවයිනට පැමිණියා.
මොහු අත්අඩංගුවට ගැනීමට සහ දිවයිනට ඇතුලුවීම සදහා ගුවන් ගමන් තහනමක් පනවා තිබු අතර එම තහනම පසුව ඉවත් කෙරුණා. ඒ අනුවයි දේවගැතිවරයා ඊයේ දිවයිනට පැමිණියේ.
ඔහු දිවයිනට පැමිණ පැය 48 ක් තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විමර්ශන අංශයේ පෙනී සිටිය යුතු බවට අධිකරණය නියෝග කර තිබුණා.
ඊයේ දිනයේත් ඔහුගෙන් පැය 08ක ප්‍රකාශයක් සටහන් කරගෙන තිබුණි.
The post දේවගැති ජෙරම් ප්රනාන්දු අදත් CIDයට appeared first on ITN News.