රට රනින් බැබළවූ ඇග්නස් ද සිල්වා පිළිගැනීමේ උත්සවයක්
පිලිපීනයේ පැවති 22වන ආසියා ප්‍රවීණයන්ගේ ක්‍රීඩා උළෙලේ දී දුර පැනීමේ ඉසව්වෙන් රන් පදක්කම් දිනාගත් ඇග්නස් ද සිල්වා පිළිගැනීමේ උත්සවයක් හල්දඩුවන රෝමානුකතෝලික විද්‍යාලයේදී පැවැත්වුණා.
කුඩා කළ සිට මළල ක්‍රීඩාවට දක්ෂතා දැක්වූ ඇය පාසල් අවධියේදී මෙන්ම පසුකාලීනව ද සමස්ත ලංකා ජයග්‍රහණ රැසක් හිමිකර ගත්තා.
2016 වසරේ පැවති ආසියාතික ප්‍රවීණ මළල ක්‍රීඩා උළෙලේ රන් පදක්කමක් හා ලෝකඩ පදක්කම් දෙකක් දිනාගැනීමට ඇය සමත්වුණා.
පිළිගැනීමේ උත්සවයට විශාල පිරිසක් එක්ව සිටියා.
The post රට රනින් බැබළවූ ඇග්නස් ද සිල්වා පිළිගැනීමේ උත්සවයක් appeared first on ITN News.