එක්සත් අරාබි එමීර් රාජ්යය තෙල් නිෂ්පාදනය වැඩි කරයි
OP28 සත්කාරකත්වය දරණ එක්සත් අරාබි එමීර් රාජ්යය තෙල් කැණීම්වල විශාල වැඩිකිරීමක් සිදු කර ඇති බව වාර්තා වනවා.
ෆොසිල ඉන්ධන විමෝචනය කපා හැරීමේ අරමුණින් COP28 දේශගුණික සාකච්ඡා පවත්වන අතරතුර එක්සත් අරාබි එමීර් රාජ්‍යය තමන්ගේම තෙල් නිෂ්පාදනය දැවැන්ත ලෙස ඉහළ නංවමින් සිටින බව BBC රූපවාහිනිය වාර්තා කරනවා.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රාජ්‍ය තෙල් සමාගමක් වන ඇඩ්නොක් 2030 වන විට තම නිෂ්පාදනය 42% කින් වැඩි කළ හැකි බව විශ්ලේෂකයින් පවසනවා.
2023 සිට 2050 දක්වා කාලය තුළ සෞදි අරාබිය ද ඛනිජ තෙල් වැඩිපුර නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රකාශ කර තිබෙනවා.
The post එක්සත් අරාබි එමීර් රාජ්යය තෙල් නිෂ්පාදනය වැඩි කරයි appeared first on ITN News.