තම බිරිඳ වෙනත් කෙනෙක් සමඟ අඹු සැමි ඇසුරක යොදවා වීඩියෝ කරලා
විවාහක ස්වාමි පුරුෂයා ඔහුගේ මිතුරෙකු වූ 23 හැවිරිදි තරුණයෙකු සමඟ රාත්‍රියේ මත්පැන් පානය කර, අනතුරුව එම තරුණයා සමඟ තමන්ට සිය නිදන කාමරයේ අඹු සැමියන් ලෙස හැසිරෙන ලෙස බලකර එම දර්ශනය ජංගම දුරකථනයෙන් වීඩියෝ ගත කර සතුටු වූ ස්වාමියකු පිලිබඳව පුවතක් වාර්තා වෙනවා.
සැකකාර ස්වාමියා හා තරුණයා පොලීසිය විසින් පසුගිය දා අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාළ විවාහක කාන්තාව පොලීසියට කළ පැමිණිල්ල අනුවයි.
වාද්දුව නගරයේ ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන යමින් ඒ තුළම දිවි ගෙවන පනස් හැවිරිදි පුද්ගලයකු හා හතළිස් දෙහැවිරිදි විවාහක දෙදරු මවක් වන අඹු සැමි යුවල, නවාතැනට එම ප්‍රදේශයේම පුද්ගලික සංචාරක වීසා ආයතනයක සේවය කරන 23 හැවිරිදි තරුණයකු තම නීත්‍යානුකූල ස්වාමියා විසින් කැඳවා දෙදෙනා එක්ව මත්පැන් පානය කර අනතුරුව එම තරුණයා සමඟ අඹුසැමියන් ලෙස හැසිරෙන ලෙස බලකර බිය වැද්දු බවටයි විවාහක කාන්තාව පැමිණිලි කර තිබෙන්නේ.
බිය වැද්දීම හේතුවෙන් තමාගේ අකමැත්තෙන් එසේ හැසිරීමට සිදුවූ බව බිරිඳ පවසා තිබෙනවා.
එමෙන්ම ජංගම දුරකථනයෙන් සිය සැමියා විසින් වීඩියෝ ගත කර බවත් පසුව තම ස්වාමියා මධ්‍යම රාත්‍රියේ ජංගම දුරකථනයෙන් ගත් එම දර්ශන නරඹා සතුටු වෙන අවස්ථාවේ දුරකථනය ඇය උදුරා පොලවේ ගසා තිබෙනවා.
අනතුරුව උදෑසන එළිය වැටුණු පසු පොලීසියට පැමිණ මෙසේ පැමිණිලි කර ඇතැයි පොලීසිය පවසනවා.
මෙම යුවළට වැඩිහිටි දරුවන් දෙදෙනෙකු ද සිටින අතර ඔවුන් කොළඹ ප්‍රදේශයේ නැවතී අධ්‍යාපනය ලබන බවයි වාර්තා වන්නේ.
The post තම බිරිඳ වෙනත් කෙනෙක් සමඟ අඹු සැමි ඇසුරක යොදවා වීඩියෝ කරලා appeared first on ITN News.