'මම ලියන හැටි': සුනේත්රා රාජකරුණානායක
"හැදෑරීම කියන්නේ පොත් කියවන එක විතරක් නෙමෙයි. විවිධ රටවල ඇවිදින එක, කෞතුකාගාරවලට යන එක. මං මියුසියම් එකකට උදේ ගියොත් එළියට එන්නේ හැන්දෑවෙලා කකුල් කෙඩෙත්තුව හදාගෙන. මං හැම කෞතුක වස්තුවක් ළඟටම ගිහින් ඒව ගැන විස්තර සටහන් තියාගනිමින් තමයි ඇවිදින්නේ. පොත් කියවන කොට ගත්ත මේ වගේ සටහන් විශාල ප්රමාණයක් තියනවා. ඒ වගේම තමයි සංචාරයේදිත්. මං හිතන්නේ නවකතාකාරයෙකුගේ මල්ලේ පොඩි නෝට් පොතක් හැම වෙලේම තියෙන්න ඕන. මං ගාව මේ වෙනකොට එකතුවෙච්ච මේ විදිහෙ සටහන් මහ විශාල ප්රමාණයක් තියනවා"